د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (46) سورت: مريم
قَالَ اَرَاغِبٌ اَنْتَ عَنْ اٰلِهَتِیْ یٰۤاِبْرٰهِیْمُ ۚ— لَىِٕنْ لَّمْ تَنْتَهِ لَاَرْجُمَنَّكَ وَاهْجُرْنِیْ مَلِیًّا ۟
ආසර් තම පුත් ඉබ්රාහීම්ට, "අහෝ ඉබ්රාහීම්! මා නමදින මාගේ පිළිමවලට නුඹ පිටු පාන්නෙහිද? මාගේ පිළිමවලට දොස් නැගීමෙන් නුඹ නොවැළකුනෙහි නම් සැබැවින්ම මම නුඹව ගල් ගසා මරා දමමි. නුඹ මා ළඟින් දීර්ඝ කාලයක් වෙන්ව යනු. මා සමග කතා නොකරනු. මා සමග එකතු නොවනු" යැයි පැවසීය.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• لما كان اعتزال إبراهيم لقومه مشتركًا فيه مع سارة، ناسب أن يذكر هبتهما المشتركة وحفيدهما، ثم جاء ذكر إسماعيل مستقلًّا مع أن الله وهبه إياه قبل إسحاق.
•ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම සමාජයෙන් ඉවත් වී සාරා සමග එකතු වූ කල්හි, ඔවුන් දෙදෙනාට පිරිනැමූ දරු ත්යාගය හා ඔවුන් දෙදෙනාගේ මුණුබුරු එකට සම්බන්ධ කොට මෙනෙහි කළේය. පසුව ඉස්හාක්ට පෙර ඉස්මාඊල් ඔහුට අල්ලාහ් පිරිනමන බවට වූ වෙනමම සඳහනක් පැමිණ ඇත.

• التأدب واللطف والرفق في محاورة الوالدين واختيار أفضل الأسماء في مناداتهما.
•දෙමාපියන් සමග කතා කිරීමේදී මෘදුව කාරුණිකව හා ආචාරශීලීව කතා කිරීම. ඔවුන් දෙදෙනා ඇමතීමේදී වඩාත් අලංකාර නම් තෝරා ගැනීම.

• المعاصي تمنع العبد من رحمة الله، وتغلق عليه أبوابها، كما أن الطاعة أكبر الأسباب لنيل رحمته.
•අල්ලාහ්ගේ කරුණාව ලබන්නට වැදගත්ම සාධකය ලෙස අවනත වීම පිහිටා තිබෙන්නාක් මෙන්ම පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ කරුණාවෙන් ගැත්තාව වළක්වනු ඇත. එහි දොරටු ඔහුට වසා දමනු ඇත.

• وعد الله كل محسن أن ينشر له ثناءً صادقًا بحسب إحسانه، وإبراهيم عليه السلام وذريته من أئمة المحسنين.
•සෑම දැහැමියෙකුටම ඔහුගේ යහපත් කටයුතුවලට සරිලන පරිදි අව්යාජ මෙනෙහි කිරීමකින් ඔහුව ප්රචලිත කරන බවට වූ අල්ලාහ්ගේ ප්රතිඥාව. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්)තුමා හා ඔහුගේ පරපුර දැහැමියන්ගේ නායකයින් අතර විය.

 
د معناګانو ژباړه آیت: (46) سورت: مريم
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - د ژباړو فهرست (لړلیک)

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بندول