Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (115) سورت: بقره
وَلِلّٰهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۗ— فَاَیْنَمَا تُوَلُّوْا فَثَمَّ وَجْهُ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ وَاسِعٌ عَلِیْمٌ ۟
නැගෙනහිර හා බටහිරෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්යය අල්ලාහ් සතුය. තමන් අභිමත කරන දෑ තම ගැත්තන් හට ඔහු අණ කර සිටියි. එහෙයින් නුඹලා කවර දෙසකට හැරුන ද සැබැවින්ම නුඹලා හැරෙනුයේ අල්ලාහ් වෙතමය. සියලු දිසාවන් අල්ලාහ් සතු බැවින් නුඹලා බය්තුල් මක්දිස් වෙත හෝ කඃබාව වෙත හෝ හැරෙන මෙන් ඔහු නුඹලාට අණ කර සිටියත්; නුඹලාට කිබ්ලා දිසාව වැරදුනත්; ඒ වෙත මුහුණලන්නට නුඹලා අපොහොසත් වූවත් නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් සර්ව ව්යාපකය. තම මැවීම් වෙත පිරිනමා ඇති ඔහුගේ කරුණාවෙන් හා ඔහුගේ පහසු දීමනාවෙන් ඔහු පුළුල්ය. ඔවුන්ගේ අධිෂ්ඨාන හා ඔවුන්ගේ ක්රියාවන් සියල්ල පිළබඳ ඔහු මැනවින් දන්නාය.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الكفر ملة واحدة وإن اختلفت أجناس أهله وأماكنهم، فهم يتشابهون في كفرهم وقولهم على الله بغير علم.
• ප්රතික්ෂේපය යනු එකම පිළිවෙතකි. එයට අයත් වූවන් වාර්ගික වශයෙන් හෝ ස්ථාන වශයෙන් වෙනස් වුවද ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හා කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් වෙත කරන ප්රකාශයන්හි එකිනෙකාට සමාන අය වෙයි.

• أعظم الناس جُرْمًا وأشدهم إثمًا من يصد عن سبيل الله، ويمنع من أراد فعل الخير.
• ජනයා අතර වඩාත් අපරාධතම පාපයෙන් වඩාත් දරුණුතම අය වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වළක්වන්නන්ය. යහපත කරන්නට අපේක්ෂා කරන්නන් ඔවුන් කරන යහපතින් වළක්වන්නට ඔවුහු උත්සාහ දරති.

• تنزّه الله تعالى عن الصاحبة والولد، فهو سبحانه لا يحتاج لخلقه.
• බිරියක් හෝ දරුවෙක් ගැන අල්ලාහ්ට ඈදා පැවසීමෙන් අල්ලාහ් සුවිශුද්ධය. ඔහු පිවිතුරුය. ඔහුගේ කිසිදු මැවීමක අවශ්යතාව ඔහුට නැත.

 
د معناګانو ژباړه آیت: (115) سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول