Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (150) سورت: بقره
وَمِنْ حَیْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَحَیْثُ مَا كُنْتُمْ فَوَلُّوْا وُجُوْهَكُمْ شَطْرَهٗ ۙ— لِئَلَّا یَكُوْنَ لِلنَّاسِ عَلَیْكُمْ حُجَّةٌ ۗ— اِلَّا الَّذِیْنَ ظَلَمُوْا مِنْهُمْ ۗ— فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِیْ ۗ— وَلِاُتِمَّ نِعْمَتِیْ عَلَیْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۙۛ
අහෝ නබිවරය, ඔබ කවර ස්ථානයකින් පිට ව ගියද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් එවිට මස්ජිදුල් හරාම් දිශාවට මුහුණලන්න. එමෙන්ම දෙවියන් විශ්වාසකළවුනි, නුඹලා ද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් නුඹලාගේ මුහුණු ද ඒ දෙසට මුහුණලන්න. එය නුඹලාට එරෙහිව අභියෝග කරන්නට ජනයාට සාධකයක් නොවනු පිණිසය. නමුත් ඔවුන් අතර අපාරධ කළවුන් ඔවුන්ගේ හිතුවක්කාරකම් මත රැදී සිටිති. වඩාත් සැකසහිත සාධක නුඹලා වෙත ගෙනැවිත් අභියෝග කරති. එහෙයින් නුඹලා ඔවුනට බිය නොවනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කර ඇති නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහුට පමණක් බිය වනු. නුඹලා සෙසු සමූහයන්ගෙන් වෙන් කර දැක්වීම තුළින් නුඹලා වෙත අල්ලාහ්ගේ ආශිර්වාද සම්පූර්ණ කර ඇති බැවින්ද ජනයාට වඩාත් ගෞරවනීය දිශාවක් වෙත නුඹලා මග පෙන්වා ඇති බැවින්ද කඃබාව මුහුණලෑම සැබැවින්ම අල්ලාහ් ආගමානුගත කර ඇත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إطالة الحديث في شأن تحويل القبلة؛ لما فيه من الدلالة على نبوة محمد صلى الله عليه وسلم.
•කිබ්ලා දිශාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දිගුවට ප්රකාශ කර තිබීම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය පෙන්වා දෙන සාධකයකි.

• ترك الجدال والاشتغالُ بالطاعات والمسارعة إلى الله أنفع للمؤمن عند ربه يوم القيامة.
•නොමනා තර්ක අතහැර දමා අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු වෙත නැඹුරු වීමෙහි තමන් නිරත කරවීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති අබියස දෙවියන් විශ්වාස කරන්නාහට වඩාත් ඵලදායී වනු ඇත.

• أن الأعمال الصالحة الموصلة إلى الله متنوعة ومتعددة، وينبغي للمؤمن أن يسابق إلى فعلها؛ طلبًا للأجر من الله تعالى.
•අල්ලාහ් වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් විවිධාකාරය. ඔහු වෙතට නැඹුරු කරවන තත්ත්වයෙන් වඩාත් ගැලපෙන ක්රියාවලියක් මුඃමින්වරයකු තෝරා ගැනීම අවශ්ය වන්නේය.

• عظم شأن ذكر الله -جلّ وعلا- حيث يكون ثوابه ذكر العبد في الملأ الأعلى.
•ගැත්තෙක් අල්ලාහ් ව මෙනෙහි කිරීමේ වැදගත්කම. එසේ සිහිපත් කරන එම ගැත්තා උසස් පිරිස අතර අල්ලාහ් මෙනෙහි කරනු ඇත.

 
د معناګانو ژباړه آیت: (150) سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول