Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (273) سورت: بقره
لِلْفُقَرَآءِ الَّذِیْنَ اُحْصِرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ لَا یَسْتَطِیْعُوْنَ ضَرْبًا فِی الْاَرْضِ ؗ— یَحْسَبُهُمُ الْجَاهِلُ اَغْنِیَآءَ مِنَ التَّعَفُّفِ ۚ— تَعْرِفُهُمْ بِسِیْمٰىهُمْ ۚ— لَا یَسْـَٔلُوْنَ النَّاسَ اِلْحَافًا ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِیْمٌ ۟۠
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් හෙවත් ඇප කැප වී කටයුතු කිරීම හේතුවෙන් තම ජීවනෝපාය සොයා යෑමෙන් වළක්වනු ලැබූ දිළිඳුන් හට එය ලබා දෙන්න. ඔවුන් කිසිවක් ඉල්ලා සිටීමෙන් වැළකී සිටින බැවින් ඔවුන් පොහොසත් තත්ත්වයේ පසුවන්නන් ලෙස අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතනු ඇත. ඔවුන්ගේ ඇඳුමෙහි හා ඔවුන්ගේ ශරීරයෙහි මතුපිටින් පෙනෙන අවශ්යතාවන් දෙස හොඳින් නිරීක්ෂා කර බලන විට ඔවුන්ගේ දිළිඳුකමේ සලකුණු මැනවින් හඳුනාගත හැක. ඔවුන් සෙසු දිළින්දන් මෙන් ජනයාගෙන් බැගෑපත් ව ජනයාගෙන් ඇයැද නොසිටිති. කවර ධනයක් හෝ වස්තුවක් නුඹලා වියදම් කළද සැබැවින්ම අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා අතිමහත් ප්රතිඵල ඔහු නුඹලාට මතු පිරිනමනු ඇත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إذا أخلص المؤمن في نفقاته وصدقاته فلا حرج عليه في إظهارها وإخفائها بحسب المصلحة، وإن كان الإخفاء أعظم أجرًا وثوابًا لأنها أقرب للإخلاص.
•දෙවියන් විශ්වාස කරන තැනැත්තෙකු අවංක ලෙසින් තම දානමාන කටයුතු සිදු කරන්නේ නම් එහි යහපත ගැන සිතා ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදු කිරීමෙහි කිසිදු වරදක් නැත. නමුත් එය රහසිගත ව සිදු කරන්නේ නම්, චිත්තපාරිශුද්ධිය හා අවංකභාවයට වඩාත් සමීප වන බැවින් කුසලින් හා ප්රතිඵලයෙන් ඉමහත් වනු ඇත.

• دعوة المؤمنين إلى الالتفات والعناية بالمحتاجين الذين تمنعهم العفة من إظهار حالهم وسؤال الناس.
•තැන්පත්බව හේතුවෙන් මිනිසුන්ගෙන් අයැද සිටීමෙන් හා තම සැබෑ තත්ත්වය හෙළි කිරීමෙන් වැළකී සිටින, අවශ්යතාවන්ගෙන් පෙළෙන උදවිය වෙත තම අවධානය යොමු කරන මෙන් දෙවියන් විශ්වාස කරන්නන්හට ඇරයුම් කිරීම.

• مشروعية الإنفاق في سبيل الله تعالى في كل وقت وحين، وعظم ثوابها، حيث وعد تعالى عليها بعظيم الأجر في الدنيا والآخرة.
•සෑම වේලාවකම සෑම අවස්ථාවකම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ආගමානුගත කොට තිබීම. මෙලොව හා මතු ලොවෙහි ඒ සඳහා මහත් ප්රතිඵල ඇතැයි අල්ලාහ් දී ඇති ප්රතිඥාවට අනුව ඔවුනට හිමිවන ත්යාගයේ ඉමහත්භාවය.

 
د معناګانو ژباړه آیت: (273) سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول