د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
32 : 25

وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَوْلَا نُزِّلَ عَلَیْهِ الْقُرْاٰنُ جُمْلَةً وَّاحِدَةً ۛۚ— كَذٰلِكَ ۛۚ— لِنُثَبِّتَ بِهٖ فُؤَادَكَ وَرَتَّلْنٰهُ تَرْتِیْلًا ۟

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "දූතයා වෙත අල් කුර්ආනය වෙන් වෙන් ව කොටස් වශයෙන් පහළ කරනු නොලැබ, එකවර පහළ කරනු ලැබිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියෝය. අපි අල් කුර්ආනය එලෙස වෙන් වෙන් වශයෙන් පහළ කර ඇත්තෙමු. එසේ වරකට පසු වරක් අප එය පහළ කළේ නුඹේ හදවත ස්ථාවර කරනු පිණිසය. එමෙන්ම කරුණකින් පසු කරුණක් අප පහළ කළේ වටහා ගැනීමට හා ධාරණය කිරීමට නුඹට පහසු වනු පිණිසය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الكفر مانع من قبول الأعمال الصالحة.
•දේව ප්රතික්ෂේපය දැහැමි ක්රියාවන් පිළිගැනීමට බාධාවක් වන්නේය. info

• خطر قرناء السوء.
•නපුරු මිතුරන් ආශ්රය කිරීමේ අවදානම. info

• ضرر هجر القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ හානිය. info

• من حِكَمِ تنزيل القرآن مُفَرّقًا طمأنة النبي صلى الله عليه وسلم وتيسير فهمه وحفظه والعمل به.
•අල් කුර්ආනය වෙන් වෙන් වශයෙන් පහළ කරනු ලැබීමේ ප්රඥාව වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සන්සුන් කිරීමට හා එය වටහා ගැනීමටත් ධාරණය කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් පහසු කරනු පිණිසය. info