د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
139 : 3

وَلَا تَهِنُوْا وَلَا تَحْزَنُوْا وَاَنْتُمُ الْاَعْلَوْنَ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා අධෛර්යමත් නොවනු. උහද් දිනයේ නුඹලාට අත් වූ තත්ත්වය ගැන දුක් නොවනු. එසේ දුක්වීම නුඹලාට අවශ්ය නැත. නුඹලා අල්ලාහ් හා ඔහුගේ භක්තික ගැත්තන්හට දී ඇති ප්රතිඥා පිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැනගනු, නුඹලා දෙවියන් මත තබා ඇති විශ්වාසයෙන් උසස් අය වන්නෙහුය. එමෙන්ම අල්ලාහ්ගේ උදව් ලැබීම හා ඔහුගේ උදව් නුඹලා අපේක්ෂා කිරීම යනාදියෙන් ද නුඹලා උසස් අය වන්නෙහුය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الترغيب في المسارعة إلى عمل الصالحات اغتنامًا للأوقات، ومبادرة للطاعات قبل فواتها.
•කාලවේලාවන් ප්රයෝජනයට ගෙන දැහැමි ක්රියාවන් යුහුසුලුවෙන් සිදු කිරීමට හා ඒවා අහිමි වීමට පෙර අවනතවීමේ කටයුතු වල පෙරටුගාමී ව ක්රියා කරන්නට ආශාව ඇති කිරීම. info

• من صفات المتقين التي يستحقون بها دخول الجنة: الإنفاق في كل حال، وكظم الغيظ، والعفو عن الناس، والإحسان إلى الخلق.
•ස්වර්ගයට පිවිසීමට සුදුසුකම් ලබන බැතිමතුන්ගේ ගුණාංග වන්නේ සෑම තත්ත්වයකදීම වියපැහැදම් කිරීම කෝපය පාලනය කිරීම මිනිසුනට සමාව දීම හා මැවීම් වෙත යහපත සැලසීමය. info

• النظر في أحوال الأمم السابقة من أعظم ما يورث العبرة والعظة لمن كان له قلب يعقل به.
•වටහා ගන්නා හදවතක් ඇති කෙනෙකු උපදෙස් ලබන්නට හා පාඩම් ලබන්නට ඇති ප්රධානතම කරුණක් වනුයේ පෙර විසූ ජනසමූහයන්ගේ තත්ත්වයන් දෙස අවධානයෙන් යුතු ව බැලීමය. info