Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (84) سورت: آل عمران
قُلْ اٰمَنَّا بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ عَلَیْنَا وَمَاۤ اُنْزِلَ عَلٰۤی اِبْرٰهِیْمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطِ وَمَاۤ اُوْتِیَ مُوْسٰی وَعِیْسٰی وَالنَّبِیُّوْنَ مِنْ رَّبِّهِمْ ۪— لَا نُفَرِّقُ بَیْنَ اَحَدٍ مِّنْهُمْ ؗ— وَنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
අහෝ! දූතය, නුඹ මෙසේ පවසනු: ‘අල්ලාහ් අපගේ එකම දෙවියන් බවට විශ්වාස කළෙමු. ඔහු අණ කළ දෑට අපි අවනත වූයෙමු. අප වෙත ඔහු පහළ කළ පණිවිඩ විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් සහ යඃකූබ් යන නබිවරුන් හට පහළ කළ දෑ ද යඃකූබ්ගේ පරපුරින් බිහි වූ නබිවරුන්හට පහළ කළ දෑ ද ඊසා හා මූසා මෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් පුස්තක හා සාක්ෂි සාධක ලැබූ සියලු නබිවරුන්හට පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන් අතර අපි වෙනසක් දැක, කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. අපි අල්ලාහ්ට පමණක් අවනත වන්නෙමු. උත්තරතර ඔහුට පමණක් යටහත් වන්නෙමු.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• يجب الإيمان بجميع الأنبياء الذين أرسلهم الله تعالى، وجميع ما أنزل عليهم من الكتب، دون تفريق بينهم.
•උත්තරීතර අල්ලාහ් විසින් එවනු ලැබූ සියලුම දහම් දූතවරුන් පිළිබඳවත් ඔවුන් වෙත පහළ කරනු ලැබූ සියලු දේව පුස්තක පිළිබඳවත් ඔවුන් අතර කිසිදු වෙනසක් සිදු නොකොට විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය.

• لا يقبل الله تعالى من أحد دينًا أيًّا كان بعد بعثة النبي محمد صلى الله عليه وسلم إلا الإسلام الذي جاء به.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ පැමිණීමෙන් පසු ව කවර දහමක් පැවතුණ ද අල්ලාහ් එය පිළිගන්නේ නැත. එසේ පිළිගනු ලබනුයේ එතුමාණන් ගෙන ආ දෑ පමණය.

• مَنْ أصر على الضلال، واستمر عليه، فقد يعاقبه الله بعدم توفيقه إلى التوبة والهداية.
•නොමගෙහි ගැලී එහි දිගටම සිටින්නන්හට පශ්චාත්තාප වී පාප සමාව අයැද සිටීමට හෝ යහමඟ ගමන් කිරීමට හෝ අල්ලාහ් ආශිර්වාද නොකරන අතරම එය සඳහා ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත.

• باب التوبة مفتوح للعبد ما لم يحضره الموت، أو تشرق الشمس من مغربها، فعندئذ لا تُقْبل منه التوبة.
•ගැත්තාට මරණය ඇති නොවන තාක්කල් හෝ හිරු බටහිරෙන් උදාවන තාක්කල් හෝ පාප සමාවේ දොරටුව විවෘතව තිබේ. එම අවස්ථාවේදී ඔහුගෙන් පාප සමාව පිළිගන්නේ නැත.

• لا ينجي المرء يوم القيامة من عذاب النار إلا عمله الصالح، وأما المال فلو كان ملء الأرض لم ينفعه شيئًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැහැමි ක්රියාවන් සිදු කළ අය හැර නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂාව නොලබනු ඇත. වස්තුව වනාහි එය මහපොළොව පිරෙන්නට තරම් තිබුණත් එය ඔහුට කිසිදු සෙතක් සලසන්නේ නැත.

 
د معناګانو ژباړه آیت: (84) سورت: آل عمران
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول