Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه سورت: فاطر   آیت:

ෆාතිර්

د سورت د مقصدونو څخه:
بيان فقر العباد المطلق إلى فاطر السماوات والأرض، وكمال غناه عنهم.
අහස්හි හා මහපොළොවෙහි නිර්මාපකයාණන් වෙත වූ ගැත්තන්ගේ අවශ්යතාව ගැන හා ඔවුන්ගෙන් ඔහුට අවශ්යතාවක් නොමැති බව පැහැදිලි කිරීම.

اَلْحَمْدُ لِلّٰهِ فَاطِرِ السَّمٰوٰتِ وَالْاَرْضِ جَاعِلِ الْمَلٰٓىِٕكَةِ رُسُلًا اُولِیْۤ اَجْنِحَةٍ مَّثْنٰی وَثُلٰثَ وَرُبٰعَ ؕ— یَزِیْدُ فِی الْخَلْقِ مَا یَشَآءُ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. ඔහු ඔහුගේ බලාත්මක නියෝග ක්රියාත්මක කරන දූතවරුන් බවට මලක්වරුන් පත් කළේය. නබිවරුන්හට දිව්ය පණිවිඩ ලඟා කළ අය ද ඔවුන් අතර වෙති. කවර කරුණක් විශ්වාසයෙන් යුතු ව ඔවුනට පවරනු ලැබුවේ ද එය ඉටු කිරීම සඳහා ඔහු ඔවුනට ශක්තිය ලබා දී ඇත. ඔවුන් අතරින් පියාපත් දෙකක්, තුනක් හා හතරක් බැගින් යුත් අය ද සිටිති. ඔහු අණ කරන දෑ ක්රියාත්මක කිරීම සඳහා ඒවා මගින් ඔවුහු පියාසර කරති. මැවීමෙහි අල්ලාහ් අභිමත කරන පරිදි ශරීර අංග හැඩ අලංකාරය හා හඬ අමතර වශයෙන් පිරිනමනු ඇත. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
عربي تفسیرونه:
مَا یَفْتَحِ اللّٰهُ لِلنَّاسِ مِنْ رَّحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۚ— وَمَا یُمْسِكْ ۙ— فَلَا مُرْسِلَ لَهٗ مِنْ بَعْدِهٖ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
සියලු දෑහි යතුරු අල්ලාහ් සතුය. ඔහු ජනයාට කවර පෝෂණයක්, මග පෙන්වීමක්, ප්රීතියක් මෙන්ම අනෙකුත් ආශිර්වාදයන් විවෘත කර දුන්නේ ද එය වැළැක්වීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු කවර දෙයක් වළක්වන්නේ ද ඔහුට එය වැළැක්වීමෙන් පසු ව ඔහු වෙත එය ලබා දීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු වනාහි කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
عربي تفسیرونه:
یٰۤاَیُّهَا النَّاسُ اذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ ؕ— هَلْ مِنْ خَالِقٍ غَیْرُ اللّٰهِ یَرْزُقُكُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ ؕ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؗ— فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
අහෝ ජනයිනි! අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාදවලට නුඹලාගේ හදවත් හා නුඹලාගේ දිවවල් වලින් මෙනෙහි කොට නුඹලාගේ ශරීර අංගවලින් ක්රියා කොට නුඹලා ඔහු සිහිපත් කරනු. නුඹලා මත වර්ෂාව පහළ කරමින් අහසින් පෝෂණය ලබා දෙන මහපොළොවේ පලතුරු, ගොයම් හා එවැනි වෙනත් දෑ හටගන්වමින් මහපොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවකු නුඹලාට සිටිත් ද? ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙකු නැත. මින් පසුවත් නුඹලා සත්යයෙන් හැරී ගොස් අල්ලාහ් මත බොරු ගොතා සැබවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේ ද? නුඹලා මවා නුඹලාට පෝෂණය පිරිනමන්නේ ඔහු ම ය.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• مشهد فزع الكفار يوم القيامة مشهد عظيم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින්ගේ කම්පනය හා බියෙහි දර්ශනය අති බිහිසුණු දර්ශනයකි.

• محل نفع الإيمان في الدنيا؛ لأنها هي دار العمل.
•දේව විශ්වාසය ප්රයෝනවත් වීමේ ස්ථානය මෙලොවෙහි ය. සැබැවින්ම ඒය ක්රියා කිරීමේ නිවහනයි.

• عظم خلق الملائكة يدل على عظمة خالقهم سبحانه.
•මලක්වරුන් මැවීමේ බලමහිමය ඔවුන් මැවූ මැවුම්කරුගේ විශිෂ්ඨ බලය පෙන්වා දෙයි.

 
د معناګانو ژباړه سورت: فاطر
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول