د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
151 : 4

اُولٰٓىِٕكَ هُمُ الْكٰفِرُوْنَ حَقًّا ۚ— وَاَعْتَدْنَا لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟

මෙම ගමන් මාර්ගයේ ගමන් කරන්නන් වනාහි, සැබෑ ප්රතික්ෂේපකයෝ ඔවුහුමය. එනම් සැබැවින්ම ධර්ම දූතවරුන් ප්රතික්ෂේප කරන්නා හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ප්රතික්ෂේප කරන්නා හෝ වේවා සැබැවින්ම ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නීච සහගත දඬුවමක් දේව ප්රතික්ෂේපකයින්හට අපි සූදානම් කර ඇත්තෙමු. එය අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීමට ඔවුන් උඩඟු වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• يجوز للمظلوم أن يتحدث عن ظلمه وظالمه لمن يُرْجى منه أن يأخذ له حقه، وإن قال ما لا يسر الظالم.
අපරාධයට ලක් වූවන්හට තම අයිතිය ලබා දෙන්නට අපේක්ෂා කරන්නෙකු හට තම අපරාධය ගැන හා අපරාධකරුවා පිළිබඳ කතා කිරීම අනුමතය. අපරාධකරු සතුටු නොවන දෙයක් වුවද වරදක් නැත. info

• حض المظلوم على العفو - حتى وإن قدر - كما يعفو الرب - سبحانه - مع قدرته على عقاب عباده.
අල්ලාහ් තම ගැත්තන් හට දඬුවම් දීමට බලය තිබියදීත් ඔහු ඔවුනට සමාව දෙන්නාක් මෙන්ම එසේ තමන්ට හැකියාව තිබුණ ද සමාව දීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූවන් දිරි ගැන්වීම. info

• لا يجوز التفريق بين الرسل بالإيمان ببعضهم دون بعض، بل يجب الإيمان بهم جميعًا.
දූතවරුන් අතරින් පිරිසක් හැර දමා පිරිසක් පමණක් විශ්වාස කිරීම තුළින් ඔවුන් අතර වෙන් කිරීම සුදුසු නැත. ඔවුන් සියලු දෙනා විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය. info