د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
154 : 4

وَرَفَعْنَا فَوْقَهُمُ الطُّوْرَ بِمِیْثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَّقُلْنَا لَهُمْ لَا تَعْدُوْا فِی السَّبْتِ وَاَخَذْنَا مِنْهُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟

ඔවුන් වෙතින් ස්ථීර ගිවිසුම ගැනීම හේතුකොට ගෙන එහි ඇති දෑ ඔවුන් දැන ගනු පිණිස බිය ගැන්වීමක් වශයෙන් ඔවුනට ඉහළින් අපි තූර් නම් කන්ඳ ඔසවා තැබුවෙමු. එසේ ඔසවා තැබූ පසු 'හිස් පහත් කොට නමස්කාර කරමින් බයිතුල් මක්දිස් දොරටුවට පිවිසෙනු' යැයි පැවසුවෙමු. නමුත් ඔවුහු පසුපසලා බඩගාමින් ඒ වෙත ඇතුළු වූහ. තවද ඔබ සෙනසුරාදා දිනයේ මසුන් අල්ලමින් සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සීමාව ඉක්මවා ගොස් දඬයම් කිරීම මිස වෙනත් කිසිවක් ඔවුනට තහනම් නොවීය. ඒ පිළිබඳ දැඩි ස්ථීර ගිවිසුමක් ඔවුන් වෙතින් ගත්තෙමු. නමුත් ඔවුහු ගනු ලැබූ ගිවිසුම උල්ලංඝනය කළෝය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• يجوز للمظلوم أن يتحدث عن ظلمه وظالمه لمن يُرْجى منه أن يأخذ له حقه، وإن قال ما لا يسر الظالم.
අපරාධයට ලක් වූවන්හට තම අයිතිය ලබා දෙන්නට අපේක්ෂා කරන්නෙකු හට තම අපරාධය ගැන හා අපරාධකරුවා පිළිබඳ කතා කිරීම අනුමතය. අපරාධකරු සතුටු නොවන දෙයක් වුවද වරදක් නැත. info

• حض المظلوم على العفو - حتى وإن قدر - كما يعفو الرب - سبحانه - مع قدرته على عقاب عباده.
අල්ලාහ් තම ගැත්තන් හට දඬුවම් දීමට බලය තිබියදීත් ඔහු ඔවුනට සමාව දෙන්නාක් මෙන්ම එසේ තමන්ට හැකියාව තිබුණ ද සමාව දීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූවන් දිරි ගැන්වීම. info

• لا يجوز التفريق بين الرسل بالإيمان ببعضهم دون بعض، بل يجب الإيمان بهم جميعًا.
දූතවරුන් අතරින් පිරිසක් හැර දමා පිරිසක් පමණක් විශ්වාස කිරීම තුළින් ඔවුන් අතර වෙන් කිරීම සුදුසු නැත. ඔවුන් සියලු දෙනා විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය. info