Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (59) سورت: نساء
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَطِیْعُوا اللّٰهَ وَاَطِیْعُوا الرَّسُوْلَ وَاُولِی الْاَمْرِ مِنْكُمْ ۚ— فَاِنْ تَنَازَعْتُمْ فِیْ شَیْءٍ فَرُدُّوْهُ اِلَی اللّٰهِ وَالرَّسُوْلِ اِنْ كُنْتُمْ تُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— ذٰلِكَ خَیْرٌ وَّاَحْسَنُ تَاْوِیْلًا ۟۠
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනී, කවර කරුණක් පිළිපදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය පිළිපදිමින් කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටිමින් අල්ලාහ්ට අවනත වන්න. ඔහුගේ දූතයාණන්ටත් අවනත වන්න. පාපී කටයුත්තක් නුඹලාට නියෝග නොකරන තාක්කල් නුඹලාගේ ප්රධානීන්ටත් අවනත වන්න. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලාට යම් කරුණක් පිළිබඳ මතභේද ඇති වූ විටෙක එම කරුණ අල්ලාහ්ගේ පුස්තකය හා ඔහුගේ නබිවරයාගේ පිළිවෙත වෙත යොමු කරන්න. එසේ එය දේව පුස්තකය හා නබි පිළිවෙත වෙත යොමු කිරීම, මතභේදයේ එල්බගෙන සිටිනවාට වඩා හා තම අදහස් ප්රකාශ කර සිටිනවාට වඩා උතුම්ය. එවිට එහි අවසානය ද නුඹලාට යහපත් වනු ඇත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• من أعظم أسباب كفر أهل الكتاب حسدهم المؤمنين على ما أنعم الله به عليهم من النبوة والتمكين في الأرض.
•ආගම් ලත් ජනයාගේ ප්රතික්ෂේපයට තුඩු දෙන බරපතළ හේතු සාධකය වන්නේ, දේව විශ්වාසී ජනයාට දූත මෙහෙවර හා මහපොළොවේ පහසුකම් සලසා දීම වැනි කරුණු අතුරින් කවර කරුණක් අල්ලාහ් ඔවුන්ට ආශිර්වාද කර ඇත්තේද ඒ සම්බන්ධ ව දක්වන ඔවුන්ගේ ඊර්ෂ්යාවයි.

• الأمر بمكارم الأخلاق من المحافظة على الأمانات، والحكم بالعدل.
•පැවරුම් හා වගකීම් සුරක්ෂා කිරීම, යුක්තිසහගත ලෙස තීන්දු කිරීම වැනි දැහැමි ගුණාංග පිළිපදින මෙන් වූ නියෝගය.

• وجوب طاعة ولاة الأمر ما لم يأمروا بمعصية، والرجوع عند التنازع إلى حكم الله ورسوله صلى الله عليه وسلم تحقيقًا لمعنى الإيمان.
•විෂය භාර ප්රධානීන් යම් පාපයක් සිදු කරන මෙන් නියෝග නොකරන තාක්කල් එම ප්රධානීන්ට අවනත ව කටයුතු කිරීමේ අනිවාර්යභාවය. මත ගැටුම් ඇති වූ අවස්ථාවක එය අල්ලාහ්ගේ හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ තීන්දුව වෙත යොමු කිරීම. එය දෙවියන් මත තබා ඇති විශ්වාසයේ යථාර්ථය තහවුරු කරන්නකි.

 
د معناګانو ژباړه آیت: (59) سورت: نساء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول