د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (25) سورت: فصلت
وَقَیَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَیَّنُوْا لَهُمْ مَّا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ۚ— اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟۠
මෙම දේව ප්රතික්ෂේපකයින්හට අපි ෂෙයිතානුන්ගෙන් වූ සහචරයින් අනිවාර්යය ලෙස පෙළ ගැස්වූයෙමු. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. මතු ලොව කටයුතු ඔවුන් ප්රමාද කිරීම ද ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. ඒ ගැන සිහිපත් කිරීම හෝ ඒ සඳහා කටයුතු කිරීම ඔවුහු ඔවුනට අමතක කර දැමුවෝය. ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ ඔවුනට ද දඬුවම අනිවාර්යය කළේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අපා ගින්නට පිවිසීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල විනාශ කර ගත් පරාජිතයෝ වූහ.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• سوء الظن بالله صفة من صفات الكفار.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම දේව ප්රතික්ෂේපයේ ගුණාංග අතරින් වන්නේය.

• الكفر والمعاصي سبب تسليط الشياطين على الإنسان.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් වනාහි, ඒවා ෂෙයිතාන් මිනිසා මත ආධිපත්යය දරන්නට හේතු වන්නේය.

• تمنّي الأتباع أن ينال متبوعوهم أشدّ العذاب يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් ඔවුන් විසින් අනුගමනය කරනු ලැබූවන්හට දැඩි දඬුවම් අත් වනු ඇතැයි අපේක්ෂා කිරීම.

 
د معناګانو ژباړه آیت: (25) سورت: فصلت
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - د ژباړو فهرست (لړلیک)

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بندول