د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
12 : 58

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا نَاجَیْتُمُ الرَّسُوْلَ فَقَدِّمُوْا بَیْنَ یَدَیْ نَجْوٰىكُمْ صَدَقَةً ؕ— ذٰلِكَ خَیْرٌ لَّكُمْ وَاَطْهَرُ ؕ— فَاِنْ لَّمْ تَجِدُوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

නබි තුමාණන්ගේ සහගාමීන් බහුතරයක් දෙනා එතුමාණන්ව අධික ලෙස මුණ ගැසෙන්නට පටන් ගත් කල්හි අල්ලාහ් මෙසේ පැවසීය: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දූතයාණන් සමග රහසිගත පුද්ගලික කරණු කතා කරන්නට සිතන්නේ නම් නුඹලා පුද්ගලිකව එතුමා සමග කතා කිරීම සඳහා දානයක් පිළිගන්වනු. එසේ දානයක් පිළිගැන්වීම තුළ හදවත් පිරිසිදු කරන පරිදි අල්ලාහ්ට අවනත වීමක් ඇති බැවින් නුඹලාට එය උතුම්ය. එමෙන්ම වඩාත් පිවිතුරුය. එසේ දානයක් පිළිගැන්වීමට කිසිවක් නුඹලාට නොලැබුණේ නම් එසේ කිසිවක් පිළිනොගන්වා එතුමා සමග පුද්ගලික කතාවෙහි නිරතවීමෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ පාපකම්වලට පාපක්ෂමාව පිරිනමන්නාය. ඔවුනට ඉසිලිය හැකි දෑ පමණක් මිස වෙනත් කිසිවක් ඔවුන් මත නොපටවන සේ ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• لطف الله بنبيه صلى الله عليه وسلم؛ حيث أدَّب صحابته بعدم المشقَّة عليه بكثرة المناجاة.
•අධික ලෙස කතා කිරීම තුළින් නබිතුමන් දුෂ්කරතාවයට පත් නොවන සේ ඔහුගේ සගයින්හට විනය කියා දී අල්ලාහ් තම නබිවරයාට පෙන් වූ සෙනෙහස. info

• ولاية اليهود من شأن المنافقين.
•යුදෙව්වන් සමග ඇති කරගන්නා මිතුරුකම කුහකයින්ගේ කටයුත්තකි. info

• خسران أهل الكفر وغلبة أهل الإيمان سُنَّة إلهية قد تتأخر، لكنها لا تتخلف.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ පරාජය හා දේවත්වය විශ්වාස කරන්නන්ගේ ජයග්රහණය. එය දේව පිළිවෙතය. එය ප්රමාද වුව ද එහි වෙනසක් සිදු වන්නේ නැත. info