Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه سورت: انعام   آیت:
فَاِنْ كَذَّبُوْكَ فَقُلْ رَّبُّكُمْ ذُوْ رَحْمَةٍ وَّاسِعَةٍ ۚ— وَلَا یُرَدُّ بَاْسُهٗ عَنِ الْقَوْمِ الْمُجْرِمِیْنَ ۟
අහෝ දූතය! ඔවුන් ඔබව බොරු කරන්නේ නම් හෝ ඔබේ පරමාධිපති වෙතින් ඔබ ගෙන ආ දෑ ඔවුන් සත්ය බව නොපවසන්නේ නම් ඔවුනට ඒ ගැන කැමැත්ත ඇති කරවමින් ඔබේ පරමාධිපති මහා කාරුණිකය. ඔබට අවකාශ ලබා දී තිබීමත් ඔබට දඬුවම් පමුණුවීම් ඉක්මන් නොකිරීමත් ඔහුගේ කාරුණිකභවයෙනි. යැයි පවසනු. එමෙන්ම ඔවුනට තරවටු කරමින් සැබැවින්ම වැරදි හා පාපකම් සිදු කරන ජනයාගෙන් ඔහුගේ දඬුවම ඉවත් කරනු නොලබනු ඇතැයි පවසනු.
عربي تفسیرونه:
سَیَقُوْلُ الَّذِیْنَ اَشْرَكُوْا لَوْ شَآءَ اللّٰهُ مَاۤ اَشْرَكْنَا وَلَاۤ اٰبَآؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَیْءٍ ؕ— كَذٰلِكَ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ حَتّٰی ذَاقُوْا بَاْسَنَا ؕ— قُلْ هَلْ عِنْدَكُمْ مِّنْ عِلْمٍ فَتُخْرِجُوْهُ لَنَا ؕ— اِنْ تَتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ اَنْتُمْ اِلَّا تَخْرُصُوْنَ ۟
අල්ලාහ්ට තමන් කරන ආදේශය නිවැරදි යන්නට ඔහුගේ අභිමතය හා ඔහුගේ නියමය පිළිබඳ තර්ක කරමින් "අප හා අපගේ මුතුන් මිත්තන් ආදේශ නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ ඔහුට ආදේශ නොකරන්නට තිබුණි. එමෙන්ම අප මත අප තහනම් කර ගත් දෑ අපි තහනම් නොකිරීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ තහනම් නොකරන්නට තිබුණි යැයි දේව ආදේශකයින් පවසති. ඔවුන්ගේ අපකීර්තිමත් තර්කය මෙන්ම ඔවුනට පෙර සිටියවුන් ඔවුන්ගේ රසූල්වරුන් බොරු කරමින් මෙසේ පවසා සිටියහ. අපි ඔවුන් බොරු නොකර සිටීමට අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ඔවුන් බොරු නොකරන්නට තිබුණි. නමුත් ඔවුන් වෙත පහළ වූ අපගේ දඬුවම විඳින තෙක් එසේ ඔවුන් බොරු කරමින්ම සිටියහ. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන ඔවුනට මෙසේ පවසා සිටිනු. ඔබ අල්ලාහ්ට ආදේශ කර සිටීමත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමත් අනුමත කළ දෑ තහනම් කිරීමත් ඔබගෙන් අල්ලාහ් පිළිගත් බවට කිසියම් සාධකයක් ඔබ ළඟ තිබේද? එසේ සිදු වූ වගට ඔබෙන් ඔහු එය පිළිගත් බවට කිසිදු සාක්ෂියක් ඔබට නැත. එම විෂයයෙහි ඔබ පිළිපදිනුයේ ඔබේ අනුමානයන් පමණය. සැබැවින්ම අනුමානය කිසිදු සත්යයකට අවශ්ය නොවන්නේය. ඔබ බොරු කරන්නන් මිස නැත.
عربي تفسیرونه:
قُلْ فَلِلّٰهِ الْحُجَّةُ الْبَالِغَةُ ۚ— فَلَوْ شَآءَ لَهَدٰىكُمْ اَجْمَعِیْنَ ۟
අහෝ දූතය! ඔබට මෙම දුර්වල තර්ක හැර වෙනත් තර්ක නොමැති නම්, ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු බිඳ දමන සහ ඔබ සම්බන්ධ කර ඇති සමානකම් අහෝසි කර දමන නිශ්චිත තර්කයක් අල්ලාහ් සතුව තිබෙන බව දැනගත යුතුය. ඔබ සියලු දෙනා සත්ය වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේ නම් අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! ඒ සඳහා ඔබට ඔහු ආශිර්වාද කරනු ඇත.
عربي تفسیرونه:
قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ الَّذِیْنَ یَشْهَدُوْنَ اَنَّ اللّٰهَ حَرَّمَ هٰذَا ۚ— فَاِنْ شَهِدُوْا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ— وَلَا تَتَّبِعْ اَهْوَآءَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ وَهُمْ بِرَبِّهِمْ یَعْدِلُوْنَ ۟۠
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එසේ තහනම් කළේ අල්ලාහ් බව තර්ක කරන දේව ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. ඔබ තහනම් කළ කරුණ අල්ලාහ් තහනම් කර ඇති බවට ඔබ සාක්ෂි දරන ඔබේ සාධක ඉදිරිපත් කරනු. සැබැවින්ම අල්ලාහ් එය තහනම් කළ බවට කිසිදු දැනුමකින් තොරව ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් අහෝ දූතය! ඔබ ඔවුන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ඔවුන් සත්ය වාදීන් යැයි නොපවසනු. හේතුව එය සැබවින්ම බොරු සාක්ෂියක් වන බැවිණි. තම ආශාවන්ට වහල් වී තීන්දු පතන්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ඔවුනට අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් විසින් තහනම් කළ අවස්ථාවේ ඔවුහු අපගේ වදන් බොරු කළෝය. මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන අය ව ඔබ අනුගමනය නොකරනු. ඔවුහු තම පරමාධිපතිට ආදේශ කරති. වෙනත් අයට සමාන කරති. තම පරමාධිපති සමග මෙසේ කටයුතු කරන්නන් අනුගමනය කරනු ලබන්නේ කෙසේද?
عربي تفسیرونه:
قُلْ تَعَالَوْا اَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَیْكُمْ اَلَّا تُشْرِكُوْا بِهٖ شَیْـًٔا وَّبِالْوَالِدَیْنِ اِحْسَانًا ۚ— وَلَا تَقْتُلُوْۤا اَوْلَادَكُمْ مِّنْ اِمْلَاقٍ ؕ— نَحْنُ نَرْزُقُكُمْ وَاِیَّاهُمْ ۚ— وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۚ— وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ ؕ— ذٰلِكُمْ وَصّٰىكُمْ بِهٖ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. ජනයිනි, ඔබ එනු. අල්ලාහ් තහනම් කළ දෑ මම ඔබට කියවා පෙන්වමි. ඔහුගේ මැවීම් අතුරින් යමක් ඔහුට ඔබ ආදේශ තැබීමත් ඔබේ දෙමාපියන්ට ඔබ හිංසා කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔවුන් සමග උපකාරශීලී ව කටයුතු කිරීම ඔබට අනිවාර්යය වේ. එමෙන්ම අඥාන යුගයේ ජනයා සිදු කළාක් මෙන් දිළිඳුකම හේතුවෙන් ඔබේ දරුවන් ඔබ ඝාතනය කිරීමත් ඔහු තහනම් කළේය. ඔබට ආහාර සම්පත් පිරිනමනුයේත් ඔවුනට ආහාර සම්පත් පිරිනමනුයේත් අපමය. ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදුවන අශීලාචාර කටයුතු වලට ඔබ සමීප වීමත් ඔහු තහනම් කළේය. විවාහක කෙනෙකු දුරාචාරයේ යෙදීම රාජ්ය ද්රෝහී කටයුතු වල නිරත වීම වැනි මරණ දඬුවම නියම වන සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් නිරපරාදේ ඝාතනය කිරීමත් තහනම් කළේය. ඉහත සඳහන් කළ කරුණු ඔහු ඔබට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ පිළිබඳ ඔබ වටහා ගනු පිණිසය.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الحذر من الجرائم الموصلة لبأس الله؛ لأنه لا يُرَدُّ بأسه عن القوم المجرمين إذا أراده.
•අල්ලාහ්ගේ දඬුවම් ගෙනදෙන වැරදිවලින් ප්රවේසම් වීම. ඊට හේතුව වැරදිකරන පිරිසකට ඔහු දඬුවම් කරන්නට අභිමත කළේ නම් ඔහුගේ එම දඬුවම කිසිවිටෙක හරවා යවනු නොලැබේ.

• الاحتجاج بالقضاء والقدر بعد أن أعطى الله تعالى كل مخلوق قُدْرة وإرادة يتمكَّن بهما من فعل ما كُلِّف به؛ ظُلْمٌ مَحْض وعناد صرف.
•තමන්ට පවරන ලද දෑ තම හැකියාවේ හා ශක්තියේ තරමට ඉටු කිරීම සඳහා සිතීමේ හැකියාව හා ශක්තිය අල්ලාහ් පිරිනැමුවායින් පසු පෙර නියමය හා න්යාය සාධකයක් ලෙස ගැනීම මහා අපරාධයක් මෙන්ම මහා මුරණ්ඩුකමකි.

• دَلَّتِ الآيات على أنه بحسب عقل العبد يكون قيامه بما أمر الله به.
•සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේද ඒ අනුව ගැත්තාගේ බුද්ධි මට්ටමේ තරමට ඔහුගේ ක්රියාවන් පිහිටන බව මෙම වදන් පෙන්වා දෙති.

• النهي عن قربان الفواحش أبلغ من النهي عن مجرد فعلها، فإنه يتناول النهي عن مقدماتها ووسائلها الموصلة إليها.
•අශික්ෂිත දෑට ළංවීමෙන් වැළකී සිටීම, එම ක්රියාව සිදු කළ වහාම එයින් වැළකීමට වඩා අති මහත්ය. සැබැවින්ම එය එහි ආරම්භයේදීම වළක්වන අතර ඒ සඳහා කැටුව යන සාධකවලින්ද වළක්වමින් කටයුතු කරනු ඇත.

 
د معناګانو ژباړه سورت: انعام
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول