د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (66) سورت: الأنعام
وَكَذَّبَ بِهٖ قَوْمُكَ وَهُوَ الْحَقُّ ؕ— قُلْ لَّسْتُ عَلَیْكُمْ بِوَكِیْلٍ ۟ؕ
ඔබේ ජනයා මෙම කුර්ආනය බොරු කරති. සැබැවින්ම එය, කිසිදු සැකයකට ඉඩ නැති අල්ලාහ්ගෙන් වූවක් බව සත්යයකි. අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. ඔබ ව අධීක්ෂණය කිරීමට මා වෙත පැවරී නැත. පැමිණිය හැකි දැඩි දඬුවම් පිළිබඳ ඔබ අතර අවවාද කරන්නෙකු ලෙස මිස මම නැත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إثبات أن النومَ موتٌ، وأن الأرواح تُقْبض فيه، ثم تُرَد عند الاستيقاظ.
•සැබැවින්ම නින්ද, මරණයක් බවත් සැබැවින්ම එහිදී ප්රාණය අත්පත් කර ගනු ලබන බවත් අවදි වන මොහොතේ ඒවා නැවත මුදා හරිනු ලබන බවත් තහවුරු කිරීම.

• الاستدلال على استحقاق الله تعالى للألوهية بدليل الفطرة، فإن أهل الكفر يؤمنون بالله تعالى ويرجعون لفطرتهم عند الاضطرار والوقوع في المهالك، فيسألون الله تعالى وحده.
ස්වභාව ධර්මය සාධකයක් ලෙස ගනිමින් දේවත්වයට අල්ලාහ් සුදුස්සා බව තහවුරු කිරීම. සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පවා අල්ලාහ්ව විශ්වාස කරනු ඇත. හදිසි අවස්ථාවක හෝ ආපදාවක් ඇති වූ විටක හෝ ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ ස්වභාවය වෙත ඔවුන් යොමු වී උත්තරීතර අල්ලාහ්ගෙන් පමණක් අයැද සිටිති.

• إلزام المشركين بمقتضى سلوكهم، وإقامة الدليل على انقلاب فطرتهم، بكونهم يستغيثون بالله وحده في البحر عند الشدة، ويشركون به حين يسلمهم وينجيهم إلى البر.
දේවත්වයට ආදේශ තබන්නන් ඔවුන්ගේ හැසිරීමේ ස්වභාවයත් සමඟ ම බැඳී සිටීම සහ මුහුදේ යම් දුෂ්කරතාවකට ඔවුන් ලක් වන අවස්ථාවේ අල්ලාහ්ගෙන් උපකාර පැතීමෙන් ඔවුහු ඔවුන්ගේ සහජ ස්වභාවයට නැවත පෙරළෙන බවත් ඔවුන් මිදී ගොඩ බිමට ආරක්ෂිතව පැමිණි විට ඔවුන් ඔහුට ආදේශ කරන බවත් සාධක ඉදිරිපත් කිරීම.

• عدم جواز الجلوس في مجالس أهل الباطل واللغو، ومفارقتُهم، وعدم العودة لهم إلا في حال إقلاعهم عن ذلك.
උපහාසාත්මක හා ව්යාජ විශ්වාසයෙන් යුත් සභාවන්හි වාඩිවීම සුදුසු නොවන්නේය. ඔවුන්ගෙන් වෙන් විය යුතු අතර හා ඔවුන් එයින් ඉවත් වන තෙක් ඔවුන් වෙත නැවත හැරී නොයාම.

 
د معناګانو ژباړه آیت: (66) سورت: الأنعام
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - د ژباړو فهرست (لړلیک)

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بندول