Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه سورت: حاقه   آیت:
وَجَآءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهٗ وَالْمُؤْتَفِكٰتُ بِالْخَاطِئَةِ ۟ۚ
ෆිර්අවුන්, ඔවුනට පෙර විසූ සමූහයන් හා උඩුයටිකුරු පෙරළා දඬුවම් දෙනු ලැබූ ගම්වාසීන් වන ලූත්ගේ ජනයා යන සමූහයන් දේව ආදේශය හා පාපකම් සිදුකරමින් ආහ.
عربي تفسیرونه:
فَعَصَوْا رَسُوْلَ رَبِّهِمْ فَاَخَذَهُمْ اَخْذَةً رَّابِیَةً ۟
ඔවුන්ගෙන් සෑම සමූහයක්ම ඔවුන් වෙත එවනු ලැබූ දූතයාණන්ට පිටු පා බොරු කළෝය. ඔවුන් මුළුමණින්ම විනාශ වන අයුරින් ඉතා බිහිසුණු ග්රහණයකින් අල්ලාහ් ග්රහණය කළේය.
عربي تفسیرونه:
اِنَّا لَمَّا طَغَا الْمَآءُ حَمَلْنٰكُمْ فِی الْجَارِیَةِ ۟ۙ
උසින් සීමාව ඉක්මවා ජලය ගලා ගිය කල්හි අපගේ නියෝගය පරිදි නූහ් අලය්හිස් සලාම් තුමා විසින් සාදන ලද නැවක සැබැවින්ම අපි නුඹලාගේ පරපුර ඉසිලුවෙමු. එය නුඹලා උසුලන්නක් විය.
عربي تفسیرونه:
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَّتَعِیَهَاۤ اُذُنٌ وَّاعِیَةٌ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන ජනයා විනාශ කර දමන බවත්, දෙවියන් විශ්වාස කරන ජනයා ඉන් මුදවා ගන්නා බවත්, ප්රවේසමින් සවන් දෙන සවන් ඇත්තන් ආරක්ෂා කරන බවත් පෙන්වා දෙමින් එම නැව හා ඒ පිළිබඳ කතා වස්තුව උපදෙසක් බවට අපි පත් කළෙමු.
عربي تفسیرونه:
فَاِذَا نُفِخَ فِی الصُّوْرِ نَفْخَةٌ وَّاحِدَةٌ ۟ۙ
හොරණෑවේ වරක් පිඹීමට නියම කරන ලද මලක්වරයා එහි පිඹිණ විට. එය දෙවන පිඹුම වේ.
عربي تفسیرونه:
وَّحُمِلَتِ الْاَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَّاحِدَةً ۟ۙ
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එකවර ඉතා තදින් හෙළනු ලැබේ. එවිට මහපොළොව කොටස් වශයෙන් හා එහි ඇති කඳු කොටස් වශයෙන් වෙන්ව යනු ඇත.
عربي تفسیرونه:
فَیَوْمَىِٕذٍ وَّقَعَتِ الْوَاقِعَةُ ۟ۙ
මේ සියල්ල සිදුවන දින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අවස්ථාව සිදු වේ.
عربي تفسیرونه:
وَانْشَقَّتِ السَّمَآءُ فَهِیَ یَوْمَىِٕذٍ وَّاهِیَةٌ ۟ۙ
අහස එකිනෙකට බැඳී ශක්තිමත්ව තිබුණායින් පසු ව එදින මලක්වරු පහළ වනු පිණිස අහස පැළී යනු ඇත.
عربي تفسیرونه:
وَّالْمَلَكُ عَلٰۤی اَرْجَآىِٕهَا ؕ— وَیَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ یَوْمَىِٕذٍ ثَمٰنِیَةٌ ۟ؕ
මලක්වරුන් ඒ අවට පැතිවල හා කොන්වල රැඳී සිටිති. අල්ලාහ්ට ඉතා සමීප මලක්වරුන් අතරින් අට දෙනෙකු ඒ මහා දිනයේ නුඹේ පරමාධිපතිගේ රාජධානිය ඔසවාගෙන සිටිනු ඇත.
عربي تفسیرونه:
یَوْمَىِٕذٍ تُعْرَضُوْنَ لَا تَخْفٰی مِنْكُمْ خَافِیَةٌ ۟
අහෝ ජනයිනි, අල්ලාහ් වෙත නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. කවර රහසිගත කරුණක් තිබුණ ද ඒ කිසිවක් නුඹලා වෙතින් අල්ලාහ්ට සැගවිය නොහැක. අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ මත අධීක්ෂණය කරන්නාය.
عربي تفسیرونه:
فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَیَقُوْلُ هَآؤُمُ اقْرَءُوْا كِتٰبِیَهْ ۟ۚ
තම ක්රියා සටහන් පොත කවරෙකුගේ දකුණතට දෙනු ලබන්නේ ද ඔහු ඉතා සතුටින් හා ප්රීතියෙන්: ‘ගන්න. කියවන්න. මාගේ ක්රියා ලේකනය.’ යැයි පවසයි.
عربي تفسیرونه:
اِنِّیْ ظَنَنْتُ اَنِّیْ مُلٰقٍ حِسَابِیَهْ ۟ۚ
සැබැවින්ම මම නැගිටුවනු ලබන බවත් මාගේ ප්රතිඵල මා ලබා ගන්නා බවත් මෙලොවෙහි මම දැන සිටියෙමි. එමෙන්ම මම එය තරයේ විශ්වාස කළෙමි.
عربي تفسیرونه:
فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ۙ
ඔහු සදා සුවපහසුකම් දකින බැවින් තෘප්තිමත් ජීවිතයක පසුවෙයි.
عربي تفسیرونه:
فِیْ جَنَّةٍ عَالِیَةٍ ۟ۙ
නිලයෙන් හා ස්ථානයෙන් උසස් ස්වර්ග උයන්හි සිටියි.
عربي تفسیرونه:
قُطُوْفُهَا دَانِیَةٌ ۟
එහි පළතුරු අනුභව කරන්නන් හට ඉතා සමීපයෙන් පවතී.
عربي تفسیرونه:
كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَاۤ اَسْلَفْتُمْ فِی الْاَیَّامِ الْخَالِیَةِ ۟
ඔවුනට සංග්රහයක් ලෙස, “නුඹලා ආහාර පාන අනුභව කරනු. පානය කරනු. මෙලොව ගත කල කාලයේ නුඹලා ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් නුඹලාට කිසිදු හිංසාවක් නැත.” යැයි ඔවුනට කියනු ලැබේ.
عربي تفسیرونه:
وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِشِمَالِهٖ ۙ۬— فَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُوْتَ كِتٰبِیَهْ ۟ۚ
තම ක්රියා වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වනාහි, දැඩි පසුතැවිල්ලෙන් යුතු ව ‘අහෝ මට දඬුවම නියම කරන, පාප ක්රියාවන් සහිත මාගේ ක්රියා ලේඛනය දෙනු නොලබන්නට තිබුණා' යැයි පවසයි.
عربي تفسیرونه:
وَلَمْ اَدْرِ مَا حِسَابِیَهْ ۟ۚ
මාගේ විනිශ්චයට බදුන් වන කිසිවක් මා නොදැන සිටියේ නම් මැනවි.
عربي تفسیرونه:
یٰلَیْتَهَا كَانَتِ الْقَاضِیَةَ ۟ۚ
මා මිය ගිය එම මරණ අවස්ථාව නැවත කිසිවිටෙක අවදි කරනු නොලබන මරණයක් වූයේ නම් මැනවි.
عربي تفسیرونه:
مَاۤ اَغْنٰی عَنِّیْ مَالِیَهْ ۟ۚ
මාගේ ධනය අල්ලාහ්ගේ දඬුවමින් කිසිවක් වැළැක්වූයේ නැත.
عربي تفسیرونه:
هَلَكَ عَنِّیْ سُلْطٰنِیَهْ ۟ۚ
"මාගේ සාධක ද මා කවර කරුණක් මත ඉතා ශක්තිමත්ව තිරසාර ලෙස සිටියේ ද එය ද මගෙන් සැඟවී ගොස් ඇත."
عربي تفسیرونه:
خُذُوْهُ فَغُلُّوْهُ ۟ۙ
"අහෝ මලක්වරුනි, ඔහුව අල්ලා ගනු. ඔහුගේ අත ඔහුගේ ගෙලට ගැට ගසා තබනු." යැයි පවසනු ලැබේ.
عربي تفسیرونه:
ثُمَّ الْجَحِیْمَ صَلُّوْهُ ۟ۙ
නිරයේ උණුසුම විඳ වීමට ඔහු එතුළට හෙළනු.
عربي تفسیرونه:
ثُمَّ فِیْ سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُوْنَ ذِرَاعًا فَاسْلُكُوْهُ ۟ؕ
පසුව රියන් හැත්තෑවක් දිග දම්වැලකට ඔහු ඇතුල් කරනු.
عربي تفسیرونه:
اِنَّهٗ كَانَ لَا یُؤْمِنُ بِاللّٰهِ الْعَظِیْمِ ۟ۙ
සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ් ව විශ්වාස නොකරන්නෙකු විය.
عربي تفسیرونه:
وَلَا یَحُضُّ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ؕ
දුගී දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා ඔහු වෙනත් කිසිවකු දිරි ගැන්වුයේ නැත.
عربي تفسیرونه:
فَلَیْسَ لَهُ الْیَوْمَ هٰهُنَا حَمِیْمٌ ۟ۙ
එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දඬුවමින් ඔහු වළක්වාලන්නට කිසිදු සමීපතයෙකු ඔහුට නැත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• المِنَّة التي على الوالد مِنَّة على الولد تستوجب الشكر.
•පියා හට පිරිනැමූ ආශිර්වාදය දරුවා මත පිරිනැමූ ආශිර්වාදයයි. එය කෘතඥ වීම අනිවාර්යය කරනු ඇත.

• إطعام الفقير والحض عليه من أسباب الوقاية من عذاب النار.
•දුගී දුප්පතුන්ට ආහාර සැපයීම ඒ සඳහා දිරි ගැන්වීම නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා වීමට හේතුවක් වන්නේය.

• شدة عذاب يوم القيامة تستوجب التوقي منه بالإيمان والعمل الصالح.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවය දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඉන් ආරක්ෂා වීම අනිවාර්යය කරනු ඇත.

 
د معناګانو ژباړه سورت: حاقه
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول