د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
161 : 7

وَاِذْ قِیْلَ لَهُمُ اسْكُنُوْا هٰذِهِ الْقَرْیَةَ وَكُلُوْا مِنْهَا حَیْثُ شِئْتُمْ وَقُوْلُوْا حِطَّةٌ وَّادْخُلُوا الْبَابَ سُجَّدًا نَّغْفِرْ لَكُمْ خَطِیْٓـٰٔتِكُمْ ؕ— سَنَزِیْدُ الْمُحْسِنِیْنَ ۟

අහෝ දූතය! ‘නුඹලා බයිතුල් මක්දිස් වෙත පිවිසෙනු. එහි කුමන ස්ථානයකින් වුව ද ඔබ කැමති වේලාවක එහි පලතුරුවලින් අනුභව කරනු’ යැයි ඉස්රාඊල් දරුවන් හට අල්ලාහ් පැවසූ විට ඔවුහු, ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ වැරදි අපෙන් කමා කරනු මැනව!’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපතිට යටහත් පහත් ව දණ නමමින් එම දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා සිදු කළේ නම් නුඹලාගේ පාපකම් අපි කමා කරන්නෙමු. දැහැමියන් හට මෙලොව හා මතු ලොව යහපත අපි අධික කර දෙන්නෙමු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الجحود والكفران سبب في الحرمان من النعم.
•ප්රතික්ෂේප කිරීම හා ගුණමකු වීම ආශිර්වාදය තහනම් වීමට හේතු වන්නේය. info

• من أسباب حلول العقاب ونزول العذاب التحايل على الشرع؛ لأنه ظلم وتجاوز لحدود الله.
•ආගමික කටයුතු වලදී වංචා කිරීම දඬුවම පහළ වීමේ හා වේදනාව ඇතිවීමේ කරුණු අතරින් එකකි. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරමින් අරපාධයක් සිදු කර ඇති බැවිණි. info