Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad * - Índice de tradução

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Tradução dos significados Surah: Al-Ankabut   Versículo:
فَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوا اقْتُلُوْهُ اَوْ حَرِّقُوْهُ فَاَنْجٰىهُ اللّٰهُ مِنَ النَّارِ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නො වීය. එවිට අල්ලාහ් ඔහුව ගින්නෙන් මුදවා ගත්තේ ය. නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
Os Tafssir em língua árabe:
وَقَالَ اِنَّمَا اتَّخَذْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَوْثَانًا ۙ— مَّوَدَّةَ بَیْنِكُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا ۚ— ثُمَّ یَوْمَ الْقِیٰمَةِ یَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَّیَلْعَنُ بَعْضُكُمْ بَعْضًا ؗ— وَّمَاْوٰىكُمُ النَّارُ وَمَا لَكُمْ مِّنْ نّٰصِرِیْنَ ۟ۗۖ
තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ආදරය ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොරව ගෙන ඇත්තේ පිළිම (වන්දනාව) ය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.
Os Tafssir em língua árabe:
فَاٰمَنَ لَهٗ لُوْطٌ ۘ— وَقَالَ اِنِّیْ مُهَاجِرٌ اِلٰی رَبِّیْ ؕ— اِنَّهٗ هُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
තවද ලූත් ඔහු (ඉබ්රාහීම්)ව විශ්වාස කළේ ය. නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙත නික්ම ආ කෙනෙකි. නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය.
Os Tafssir em língua árabe:
وَوَهَبْنَا لَهٗۤ اِسْحٰقَ وَیَعْقُوْبَ وَجَعَلْنَا فِیْ ذُرِّیَّتِهِ النُّبُوَّةَ وَالْكِتٰبَ وَاٰتَیْنٰهُ اَجْرَهٗ فِی الدُّنْیَا ۚ— وَاِنَّهٗ فِی الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِیْنَ ۟
තවද අපි ඔහු (ඉබ්රාහීම්)ට ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ දූතත්වය හා ධර්ම ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ කුලිය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන් ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතරින් ය.
Os Tafssir em língua árabe:
وَلُوْطًا اِذْ قَالَ لِقَوْمِهٖۤ اِنَّكُمْ لَتَاْتُوْنَ الْفَاحِشَةَ ؗ— مَا سَبَقَكُمْ بِهَا مِنْ اَحَدٍ مِّنَ الْعٰلَمِیْنَ ۟
තවද ලූත්ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශීලාචාරය දෑහි නිරත වන්නෙහු ය. නුඹලාට පෙර මෙවැනි දෙයක් ලෝවැසියන් අතරින් කිසිවෙකු විසින් සිදු කර නැත.
Os Tafssir em língua árabe:
اَىِٕنَّكُمْ لَتَاْتُوْنَ الرِّجَالَ وَتَقْطَعُوْنَ السَّبِیْلَ ۙ۬— وَتَاْتُوْنَ فِیْ نَادِیْكُمُ الْمُنْكَرَ ؕ— فَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللّٰهِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
නියත වශයෙන් ම නුඹලා සහජ මාර්ගය කපා හැර පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) පැමිණෙන්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්‍යවාදීන් අතරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නො වීය.
Os Tafssir em língua árabe:
قَالَ رَبِّ انْصُرْنِیْ عَلَی الْقَوْمِ الْمُفْسِدِیْنَ ۟۠
මාගේ පරමාධිපතියණනි! කලහකාරී පිරිසට එරෙහිව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය.
Os Tafssir em língua árabe:
 
Tradução dos significados Surah: Al-Ankabut
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês - Centro de tradução Rawad - Índice de tradução

Tradução realizada pela equipe do Centro de Tradução Rowwad em cooperação com a Associação de Chamada em Al-Rabwah e a Associação para o Serviço do Conteúdo Islâmico em Idiomas.

Fechar