Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (140) Surah: Suratu Al-Baqarah
اَمْ تَقُوْلُوْنَ اِنَّ اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطَ كَانُوْا هُوْدًا اَوْ نَصٰرٰی ؕ— قُلْ ءَاَنْتُمْ اَعْلَمُ اَمِ اللّٰهُ ؕ— وَمَنْ اَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهٗ مِنَ اللّٰهِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
ආහෝ ආගම් ලත් ජනයිනි, සැබැවින්ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගෙන් පැවත එන නබිවරු යුදෙව් හා කිතුනු පිළිවෙත් මත සිටින බව නුඹලා පවසන්නෙහුද? අහෝ නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘ඒ ගැන මැනවින් දන්නේ නුඹලා ද ඒසේ නැතිනම් අල්ලාහ් දැ’යි ප්රශ්න කරනු. සැබැවින්ම ඔවුහු මොවුන්ගේ පිළිවෙත් මත සිටින බව මොවුහු විශ්වාස කරන්නේ නම් මොවුහු පවසන්නේ බොරුය. හේතුව ඔවුන් සියලු දෙනාගේ පැමිණීමත් ඔවුන්ගේ මරණයත් සිදු වූයේ තෝරාව හා ඉන්ජීලය පහළ වීමට පෙරය. සැබැවින්ම ඔවුහු පවසන දෑ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ගොතා පවසන බොරු බව ඔවුහු මැනවින් දනිති. සැබැවින්ම ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබූ සත්යය වසන් කරන්නෙහුය. අල්ලාහ්ගෙන් දැනගත් ස්ථීර සාක්ෂි හා සාධක තමන් ලග තිබිය දී ආගම්ලත් ජනයාගේ ක්රියා කළ ආකාරයෙන් ඒවා වසන් කරන්නාට වඩා මහා අපරාධකරුවකු තවත් නැත. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• أن دعوى أهل الكتاب أنهم على الحق لا تنفعهم وهم يكفرون بما أنزل الله على نبيه محمد صلى الله عليه وسلم.
සැබැවින්ම තමන් සත්යය මත සිටින බවට ආගම් ලත් ජනයා කරන තර්කය ඔවුනට කිසිසේත් ප්රයෝජනවත් නොවන්නේය. නමුත් අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ පහළ කර ඇති දෑ ඔවුහු ප්රතික්ෂේප කරති.

• سُمِّي الدين صبغة لظهور أعماله وسَمْته على المسلم كما يظهر أثر الصبغ في الثوب.
සායම් -රන්ජනය- යන අර්ථය ගෙන දෙන ‘සිබ්ගා’ යන පදය දහමට නම් යෙදී ඇත. ඇඳුමක සායම් සළකුණු මතුපිටින් පෙනෙන සේ එහි ළකුණු මුස්ලිම්වරයා මත දක්නට ඇත.

• أن الله تعالى قد رَكَزَ في فطرةِ خلقه جميعًا الإقرارَ بربوبيته وألوهيته، وإنما يضلهم عنها الشيطان وأعوانه.
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සියල්ල ස්වභාදහම අනුව මවා ඇති බවත් එය ඔහුගේ දේවත්වය හා පරිපාලනය පිළිගන්නා ලෙසින් නිමවා ඇති බවත් පෙන්වා දෙයි. ඔවුන් නොමග හරිනුයේ ෂෙයිතාන් හා ඔහුගේ සහයකයින් විසිනි.

 
Tradução dos significados Versículo: (140) Surah: Suratu Al-Baqarah
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar