Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (112) Surah: Suratu Ta-Ha
وَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا یَخٰفُ ظُلْمًا وَّلَا هَضْمًا ۟
කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද, ඔහු ඒ සඳහා වූ පූර්ණ ප්රතිඵලය හිමි කර ගනු ඇත. ඔහු සිදු නොකළ පාපයක් සඳහා අසාධාරණ ලෙස දඬුවම් දෙනු ලබනු ඇතැයි හෝ ඔහුගේ දැහැමි ක්රියාවන්හි කුසල් අඩු කරනු ඇතැයි හෝ ඔහු බිය විය යුතු නැත.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• القرآن العظيم كله تذكير ومواعظ للأمم والشعوب والأفراد، وشرف وفخر للإنسانية.
•මහඟු අල් කුර්ආනය ප්රජාවන්, වාර්ගිකයින් මෙන්ම තනි පුද්ගලයින්හට සමස්තයක් ලෙස මෙනෙහි කිරීමකි; උපදෙසකි. එමෙන්ම මිනිසත් කමට ගෞරවයකි, අභිමානයකි.

• لا تنفع الشفاعة أحدًا إلا شفاعة من أذن له الرحمن، ورضي قوله في الشفاعة.
•මහා කාරුණිකයාණන් කවරෙකුට අවසර දුන්නේ ද, මැදිහත් වීමේදී ඔහුගේ ප්රකාශය පිළිගත්තේ ද, එවැන්නෙකුගේ මැදිහත්වීම මිස වෙනත් මැදිහත් වීමක් කිසිවකුට ප්රයෝජනවත් වන්නේ නැත.

• القرآن مشتمل على أحسن ما يكون من الأحكام التي تشهد العقول والفطر بحسنها وكمالها.
•අල් කුර්ආනය වනාහි, බුද්ධිය හා ධර්මතාව සාක්ෂි දරණ නීතිරීති අතරින් අලංකාරයෙන් හා පූර්ණභාවයෙන් වඩාත් අලංකාර කරුණු ඇතුලත් කොට ගත්තකි.

• من آداب التعامل مع القرآن تلقيه بالقبول والتسليم والتعظيم، والاهتداء بنوره إلى الصراط المستقيم، والإقبال عليه بالتعلم والتعليم.
•අල් කුර්ආනය සමග කටයුතු කිරීමේ දී එහි ආචාර ධර්ම අතරට එය පිළිගැනීම, යටත් වීම, ගරු කිරීම, එහි ආලෝකයෙන් ඍජු මාර්ගය වෙත මඟ ලැබීම, එය ඉගෙන ගැනීම හා ඉගැන්වීම සඳහා ඉදිරිපත් වීම යනාදී කරුණු ඇතුළත් වන්නේය.

• ندم المجرمين يوم القيامة حيث ضيعوا الأوقات الكثيرة، وقطعوها ساهين لاهين، معرضين عما ينفعهم، مقبلين على ما يضرهم.
•අපරාධකරුවන් බොහෝ වේලාවන් නාස්ති කළ බැවින් හා එම වේලාවන් කෙළිලොල්හි ගත කිරීමෙන් ඔවුනට ප්රයෝජනවත් වන දැයින් දුරස්ව, ඔවුනට අත්වන හිංසාවන් ගෙන්වා ගනිමින් ගත කළ බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දුක් වනු ඇත.

 
Tradução dos significados Versículo: (112) Surah: Suratu Ta-Ha
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar