Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão. * - Índice de tradução


Tradução dos significados Versículo: (72) Surah: Al-Hajj
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ تَعْرِفُ فِیْ وُجُوْهِ الَّذِیْنَ كَفَرُوا الْمُنْكَرَ ؕ— یَكَادُوْنَ یَسْطُوْنَ بِالَّذِیْنَ یَتْلُوْنَ عَلَیْهِمْ اٰیٰتِنَا ؕ— قُلْ اَفَاُنَبِّئُكُمْ بِشَرٍّ مِّنْ ذٰلِكُمْ ؕ— اَلنَّارُ ؕ— وَعَدَهَا اللّٰهُ الَّذِیْنَ كَفَرُوْا ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟۠
අල් කුර්ආනයේ ඇති අපගේ පාඨ ඔවුන් වෙත පැහැදිළිව පාරායනය කරනු ලබන්නේ නම්, අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඒවාට සවන් දෙන අවස්ථාවේ ඔවුන් ඔවුන්ගේ මුහුණු හරවා ගනිමින් එය හෙළා දැකීම නුඹ ඔවුන්ගේ මුහුණුවල දකිනු ඇත. දැඩි කෝපය හේතුවෙන් අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරන්නන් වර්ජනය කරන්නට බලති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."නුඹලාගේ කෝපය හා පිළිකුලෙන් නුඹලාගේ මුහුණු හරවා ගැනීමේ විපාකය කුමක්දැයි මම නුඹලාට දැනුම් දෙන්න ද? එනම් දේව ප්රතික්ෂේපකයින් එහි ප්රවේශ වනු ඇතැයි අල්ලාහ් ප්රතිඥා දුන් නිරා ගින්නය. ඔවුන් එසේ යොමු වන ස්ථානය ඉතා නපුරුය."
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• من نعم الله على الناس تسخير ما في السماوات وما في الأرض لهم.
•අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මිනිසුනට වසඟ කර දී තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි.

• إثبات صفتي الرأفة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු කරුණාව හා දයාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම.

• إحاطة علم الله بما في السماوات والأرض وما بينهما.
•අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ මත හා ඒ දෙක අතර ඇති දෑ මත අල්ලාහ්ගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම.

• التقليد الأعمى هو سبب تمسك المشركين بشركهم بالله.
•අන්ධානුගමනය වනාහි, එය දේව ආදේශකයින් අල්ලාහ්ට ආදේශ තැබීමට හේතුවන් වන්නේය.

 
Tradução dos significados Versículo: (72) Surah: Al-Hajj
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão. - Índice de tradução

emitido pelo Centro de Tafssir para Estudos do Alcorão

Fechar