Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão. * - Índice de tradução


Tradução dos significados Versículo: (112) Surah: Al-An'aam
وَكَذٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِیٍّ عَدُوًّا شَیٰطِیْنَ الْاِنْسِ وَالْجِنِّ یُوْحِیْ بَعْضُهُمْ اِلٰی بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُوْرًا ؕ— وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوْهُ فَذَرْهُمْ وَمَا یَفْتَرُوْنَ ۟
දෙවියන්ට ආදේශ තබන මොවුන් ඔබට විරුද්ධකම් පාන්නට සලස්වා ඔබ ව අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම ඔබට පෙර සිටි සෑම නබිවරයකුම අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඒ සෑම කෙනෙකුටම විටෙක මිනිසුන් ගෙන් ද විටෙක ජින්නුන්ගෙන් ද විරුද්ධවාදීන් ඇති කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු හට කුතුහලයක් ඇති කොට ඔවුන් රවටනු පිණිස අසත්ය දෑ ඔවුනට අලංකාර පෙන්වූහ. එය ඔවුන් නොකරන්නට අල්ලාහ් අභිමත කර ඇත්නම් එය ඔවුන් සිදු නොකර සිටින්නට තිබුණි. නමුත් ඔහු ඔවුන් වෙනුවෙන් එම පරීක්ෂණය අභිමත කළේය. ඔවුන් ද දේව ප්රතික්ෂේපය හා ව්යාජ ලෙස ගෙතූ දෑ ද ඔවුන් සමගම අතතහැර දමනු. එහෙයින් ඔවුන් හසුරුවා තබා නොගනු.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• يجب أن يكون الهدف الأعظم للعبد اتباع الحق، ويطلبه بالطرق التي بيَّنها الله، ويعمل بذلك، ويرجو عَوْن ربه في اتباعه، ولا يتكل على نفسه وحوله وقوته.
සත්යය අනුගමන කිරීම ගැත්තාගේ ප්රධානතම අරමුණ වීම අනිවාර්යය වන්නේය. අල්ලාහ් පැහැදිලිව පෙන්වා ඇති ආකාරයට ඔහු එය සොයා ඒ අනුව කටයුතු කළ යුතුයි. ඔහු අනුගමනය කිරීම තුළ තම පරමාධිපතිගේ උපකාරය පතයි. ඔහු ඔහු මත හෝ ඔහු අවට සිටින්නන් මත හෝ ඔහුගේ ශක්තිය මත හෝ රැඳී නොසිටිනු ඇත.

• من إنصاف القرآن للقلة المؤمنة العالمة إسناده الجهل والضلال إلى أكثر الخلق.
අල් කුර්ආනයේ සාධාරණත්වය නම් දැනුමැති විශ්වාස කරන සුළු පිරිසකට එය සම්බන්ධ කොට මැවීම් අතුරින් බොහෝ දෙනොහට අඥානභාවය හා මුළාව එකතු කිරීමය.

• من سنّته تعالى في الخلق ظهور أعداء من الإنس والجنّ للأنبياء وأتباعهم؛ لأنّ الحقّ يعرف بضدّه من الباطل.
මැවීම් අතර අල්ලාහ්ගේ න්යායයක් වනුයේ නබිවරුට හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධව මිනිසුන් හා ජින්නුන් අතර සතුරන් බිහි කිරීමය. සැබැවින්ම සත්යය වටහාගත හැකි වනුයේ එයට පටහැනිව ඇති අසත්යයත් හදුනා ගැනීම තුළිනි.

• القرآن صادق في أخباره، عادل في أحكامه،لا يُعْثَر في أخباره على ما يخالف الواقع، ولا في أحكامه على ما يخالف الحق.
අල් කුර්ආනය එහි තොරතුරු දැනුම් දීමෙහි වඩාත් සත්යය. නීති පැනවීමෙහි එය සාධාරණනීයය. සිදු වූ දෑට විරුද්ධ තොරතුරක් දන්වා සිටීමෙන් හෝ නීතිගත කිරීමෙහි සත්යයට පටහැනි දෙයක් නීති ගත කිරීමෙන් වංචාවක් සිදු නොකරයි.

 
Tradução dos significados Versículo: (112) Surah: Al-An'aam
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução cingalês da interpretação abreviada do Nobre Alcorão. - Índice de tradução

emitido pelo Centro de Tafssir para Estudos do Alcorão

Fechar