Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. * - Ishakiro ry'ibisobanuro

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ibisobanuro by'amagambo Isura: A Nahlu   Umurongo:
اَلَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ زِدْنٰهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوْا یُفْسِدُوْنَ ۟
ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන්ට, ඔවුන් කලහකම් කරමින් සිටි බැවින් ඔවුනට අපි එම දඬුවමට ඉහළින් දඬුවමක් අධික කරන්නෙමු.
Ibisobanuro by'icyarabu:
وَیَوْمَ نَبْعَثُ فِیْ كُلِّ اُمَّةٍ شَهِیْدًا عَلَیْهِمْ مِّنْ اَنْفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِیْدًا عَلٰی هٰۤؤُلَآءِ ؕ— وَنَزَّلْنَا عَلَیْكَ الْكِتٰبَ تِبْیَانًا لِّكُلِّ شَیْءٍ وَّهُدًی وَّرَحْمَةً وَّبُشْرٰی لِلْمُسْلِمِیْنَ ۟۠
තවද එම දිනයේ දී සෑම සමූහයකට ම ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු ඔවුන් අතරින් නැගිටුවන්නෙමු. මොවුනට (මෙම සමූහයාට) එරෙහිව අපි නුඹව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.
Ibisobanuro by'icyarabu:
اِنَّ اللّٰهَ یَاْمُرُ بِالْعَدْلِ وَالْاِحْسَانِ وَاِیْتَآئِ ذِی الْقُرْبٰی وَیَنْهٰی عَنِ الْفَحْشَآءِ وَالْمُنْكَرِ وَالْبَغْیِ ۚ— یَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
නියත වශයෙන් ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන් ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි.
Ibisobanuro by'icyarabu:
وَاَوْفُوْا بِعَهْدِ اللّٰهِ اِذَا عٰهَدْتُّمْ وَلَا تَنْقُضُوا الْاَیْمَانَ بَعْدَ تَوْكِیْدِهَا وَقَدْ جَعَلْتُمُ اللّٰهَ عَلَیْكُمْ كَفِیْلًا ؕ— اِنَّ اللّٰهَ یَعْلَمُ مَا تَفْعَلُوْنَ ۟
තවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ්ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසුව කඩ නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.
Ibisobanuro by'icyarabu:
وَلَا تَكُوْنُوْا كَالَّتِیْ نَقَضَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ اَنْكَاثًا ؕ— تَتَّخِذُوْنَ اَیْمَانَكُمْ دَخَلًا بَیْنَكُمْ اَنْ تَكُوْنَ اُمَّةٌ هِیَ اَرْبٰی مِنْ اُمَّةٍ ؕ— اِنَّمَا یَبْلُوْكُمُ اللّٰهُ بِهٖ ؕ— وَلَیُبَیِّنَنَّ لَكُمْ یَوْمَ الْقِیٰمَةِ مَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
තවද ශක්තිමත්ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලිවලට කඩා දමන්නියක් ලෙස නුඹලා නො වනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහු ය. එමඟින් අල්ලාහ් නුඹලාව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.
Ibisobanuro by'icyarabu:
وَلَوْ شَآءَ اللّٰهُ لَجَعَلَكُمْ اُمَّةً وَّاحِدَةً وَّلٰكِنْ یُّضِلُّ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එක ම සමූහයක් බවට නුඹලාව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අයව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අයව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින් ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහු ය.
Ibisobanuro by'icyarabu:
 
Ibisobanuro by'amagambo Isura: A Nahlu
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. - Ishakiro ry'ibisobanuro

Yasobanuwe n'itsinda ry'ikigo Rowad cy'ubusobanuzi ku bufatanye n'ishyirahamwe ryo kwamamaza idini ry'ahitwa Rab'wat hamwe n'umuryango Islamic Content mu ndimi zitandukanye.

Gufunga