Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. * - Ishakiro ry'ibisobanuro

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Ibisobanuro by'amagambo Isura: Al Isr’au   Umurongo:
وَمَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِ ۚ— وَمَنْ یُّضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ اَوْلِیَآءَ مِنْ دُوْنِهٖ ؕ— وَنَحْشُرُهُمْ یَوْمَ الْقِیٰمَةِ عَلٰی وُجُوْهِهِمْ عُمْیًا وَّبُكْمًا وَّصُمًّا ؕ— مَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— كُلَّمَا خَبَتْ زِدْنٰهُمْ سَعِیْرًا ۟
තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නො දකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ, ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු.
Ibisobanuro by'icyarabu:
ذٰلِكَ جَزَآؤُهُمْ بِاَنَّهُمْ كَفَرُوْا بِاٰیٰتِنَا وَقَالُوْۤا ءَاِذَا كُنَّا عِظَامًا وَّرُفَاتًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ خَلْقًا جَدِیْدًا ۟
එය සැබැවින් ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ? යි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.
Ibisobanuro by'icyarabu:
اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ قَادِرٌ عَلٰۤی اَنْ یَّخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ اَجَلًا لَّا رَیْبَ فِیْهِ ؕ— فَاَبَی الظّٰلِمُوْنَ اِلَّا كُفُوْرًا ۟
අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේ ය. එහි කිසිදු සැකයක් නැත. එහෙත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.
Ibisobanuro by'icyarabu:
قُلْ لَّوْ اَنْتُمْ تَمْلِكُوْنَ خَزَآىِٕنَ رَحْمَةِ رَبِّیْۤ اِذًا لَّاَمْسَكْتُمْ خَشْیَةَ الْاِنْفَاقِ ؕ— وَكَانَ الْاِنْسَانُ قَتُوْرًا ۟۠
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට වියදම් කිරීමට බියෙන් නුඹලා රඳවා ගනු ඇත. තවද මිනිසා මසුරු විය යැයි (නබිවරය!) නුඹ පවසනු.
Ibisobanuro by'icyarabu:
وَلَقَدْ اٰتَیْنَا مُوْسٰی تِسْعَ اٰیٰتٍۢ بَیِّنٰتٍ فَسْـَٔلْ بَنِیْۤ اِسْرَآءِیْلَ اِذْ جَآءَهُمْ فَقَالَ لَهٗ فِرْعَوْنُ اِنِّیْ لَاَظُنُّكَ یٰمُوْسٰی مَسْحُوْرًا ۟
තවද සැබැවින් ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මූසා! නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේ ය.
Ibisobanuro by'icyarabu:
قَالَ لَقَدْ عَلِمْتَ مَاۤ اَنْزَلَ هٰۤؤُلَآءِ اِلَّا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ بَصَآىِٕرَ ۚ— وَاِنِّیْ لَاَظُنُّكَ یٰفِرْعَوْنُ مَثْبُوْرًا ۟
මේවා පැහැදිලි සාධක ලෙස අහස්හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නො කළ බව සැබැවින් ම නුඹ දන්නෙහි ය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින් ම මම සිතමි යැයි ඔහු කීවේ ය.
Ibisobanuro by'icyarabu:
فَاَرَادَ اَنْ یَّسْتَفِزَّهُمْ مِّنَ الْاَرْضِ فَاَغْرَقْنٰهُ وَمَنْ مَّعَهٗ جَمِیْعًا ۟ۙ
එවිට මහපොළොවෙන් ඔවුන්ව පන්නා දමන්නට ඔහු (ෆිර්අවුන්) සිතුවේ ය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.
Ibisobanuro by'icyarabu:
وَّقُلْنَا مِنْ بَعْدِهٖ لِبَنِیْۤ اِسْرَآءِیْلَ اسْكُنُوا الْاَرْضَ فَاِذَا جَآءَ وَعْدُ الْاٰخِرَةِ جِئْنَا بِكُمْ لَفِیْفًا ۟ؕ
තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසන් දින පිළිබඳ ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා එකට වෙළා ගනිමින් අපි ගෙන එන්නෙමු යැයි ඔහුගෙන් පසුව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.
Ibisobanuro by'icyarabu:
 
Ibisobanuro by'amagambo Isura: Al Isr’au
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igisanihali - Byakozwe n'ikigo Rowad Translation Center. - Ishakiro ry'ibisobanuro

Yasobanuwe n'itsinda ry'ikigo Rowad cy'ubusobanuzi ku bufatanye n'ishyirahamwe ryo kwamamaza idini rya Rabwa n'ishyirahamwe ryo gutanga serivisi z'ibikubiyemo idini mu ndimi zitandukanye.

Gufunga