Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (126) Isura: Al Im’ran
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی لَكُمْ وَلِتَطْمَىِٕنَّ قُلُوْبُكُمْ بِهٖ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟ۙ
මෙම උපකාරය හා මලක්වරුන්ගේ සහය නුඹලාගේ සතුට හා යහපත වෙනුවෙන් මිස අල්ලාහ් පිරිනැමුවේ නැත. එමගින් නුඹලාගේ හදවත් සන්සුන් විය. එසේ නොමැති ව සැබෑ ජයග්රහණය මතුපිටින් දකින සාධකවලින් පමණක් සිදු නොවීය. සැබෑ ජයග්රහණය පැමිණියේ සර්ව බලධාරී අල්ලාහ් අබියසිනි. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමේ හා නීතිගත කිරීමේ මහා ප්රඥාවන්තය.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• مشروعية التذكير بالنعم والنقم التي تنزل بالناس حتى يعتبر بها المرء.
•පුද්ගලයකු ඒ ගැන අවධානය යොමු කරන තෙක් මිනිසාට හිමි වූ ආශිර්වාද හා අත් වූ විනාශය පිළිබඳ සිහිපත් කිරීම ආගමානුගත කටයුත්තක් බවට පත් කිරීම.

• من أعظم أسباب تَنَزُّل نصر الله على عباده ورحمته ولطفه بهم: التزامُ التقوى، والصبر على شدائد القتال.
•අල්ලාහ්ගේ ගැත්තන්හට ඔහුගේ උපකාරය, ඔහුගේ කරුණාව හා ඔහුගේ ආදරය ඇති වීමට මුල් වූ ප්රධානතම හේතු සාධක වනුයේ තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ මතකයේ රැඳීම හා දරුණු යුදමය වාතාරණයකදී ඉවසීමෙන් යුතු ව කටයුතු කිරීම වේ.

• الأمر كله لله تعالى، فيحكم بما يشاء، ويقضي بما أراد، والمؤمن الحق يُسَلم لله تعالى أمره، وينقاد لحكمه.
•සියලු කරුණු අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ නීතිගත කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. සැබෑ දේව විශ්වාස කරන්නා ඔහුගේ සියලු කරුණු අල්ලාහ් වෙත භාර කරයි. ඔහුගේ තීන්දු තීරණ පිළිපදියි.

• الذنوب - ومنها الربا - من أعظم أسباب خِذلان العبد، ولا سيما في مواطن الشدائد والصعاب.
•පාපකම් වනාහි පොලිය ද ඉන් එකකි. එය ගැත්තෙකු පසුබෑමට බලපාන මහත් සාධකයකි. විශේෂයෙන්ම දුෂ්කරතා හා අවශ්යතා වැඩියෙන් දැනෙන අවස්ථාවන්වලදී මහත් සේ බලපානු ඇත.

• مجيء النهي عن الربا بين آيات غزوة أُحد يشعر بشمول الإسلام في شرائعه وترابطها بحيث يشير إلى بعضها في وسط الحديث عن بعض.
•උහද් යුද්ධය පිළිබඳ සඳහන් කරන පාඨ අතරවාරයේ පොලිය පිළිබඳ තහනම පැමිණ ඇත. එය ආගමානුගත කිරීමෙහි දී ඉස්ලාමය සියල්ල අන්තර්ගත වන අයුරින් ආගමානුගත කර ඇති බව වටහා දෙනු පිණිසය. කතාවක් අතරවාරයේ කරුණක් තවත් කරුණක් සමග සම්බන්ධ කොට පවසා තිබීමෙන් එය මනා ලෙස වැටහෙන්නේය.

 
Ibisobanuro by'amagambo Umurongo: (126) Isura: Al Im’ran
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga