Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - Përkthimi sinhalisht - Qendra "Ruvad et-Terxheme * - Përmbajtja e përkthimeve

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Përkthimi i kuptimeve Surja: Et Tevbe   Ajeti:
اَلتَّآىِٕبُوْنَ الْعٰبِدُوْنَ الْحٰمِدُوْنَ السَّآىِٕحُوْنَ الرّٰكِعُوْنَ السّٰجِدُوْنَ الْاٰمِرُوْنَ بِالْمَعْرُوْفِ وَالنَّاهُوْنَ عَنِ الْمُنْكَرِ وَالْحٰفِظُوْنَ لِحُدُوْدِ اللّٰهِ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
ඔවුන් වනාහි (අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමුවන, (ඔහුට) නැමදුම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන, තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන්නෝ වෙති. තවද (එවන්) දේවත්වය විශ්වාස කරන්නන්හට නුඹ සුබාරංචි දන්වනු.
Tefsiret në gjuhën arabe:
مَا كَانَ لِلنَّبِیِّ وَالَّذِیْنَ اٰمَنُوْۤا اَنْ یَّسْتَغْفِرُوْا لِلْمُشْرِكِیْنَ وَلَوْ كَانُوْۤا اُولِیْ قُرْبٰی مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمْ اَنَّهُمْ اَصْحٰبُ الْجَحِیْمِ ۟
නියත වශයෙන් ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට සුදුසු නො වීය.
Tefsiret në gjuhën arabe:
وَمَا كَانَ اسْتِغْفَارُ اِبْرٰهِیْمَ لِاَبِیْهِ اِلَّا عَنْ مَّوْعِدَةٍ وَّعَدَهَاۤ اِیَّاهُ ۚ— فَلَمَّا تَبَیَّنَ لَهٗۤ اَنَّهٗ عَدُوٌّ لِّلّٰهِ تَبَرَّاَ مِنْهُ ؕ— اِنَّ اِبْرٰهِیْمَ لَاَوَّاهٌ حَلِیْمٌ ۟
තවද ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නො වීය. සැබැවින් ම ඔහු අල්ලාහ්ගේ සතුරකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන් ම ඉබ්රාහීම් කරුණාවන්ත ය; ඉවසිලිවන්ත ය.
Tefsiret në gjuhën arabe:
وَمَا كَانَ اللّٰهُ لِیُضِلَّ قَوْمًا بَعْدَ اِذْ هَدٰىهُمْ حَتّٰی یُبَیِّنَ لَهُمْ مَّا یَتَّقُوْنَ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යවන්නට අල්ලාහ්ට නො වීය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Tefsiret në gjuhën arabe:
اِنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یُحْیٖ وَیُمِیْتُ ؕ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු සතු ය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
Tefsiret në gjuhën arabe:
لَقَدْ تَّابَ اللّٰهُ عَلَی النَّبِیِّ وَالْمُهٰجِرِیْنَ وَالْاَنْصَارِ الَّذِیْنَ اتَّبَعُوْهُ فِیْ سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ یَزِیْغُ قُلُوْبُ فَرِیْقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَیْهِمْ ؕ— اِنَّهٗ بِهِمْ رَءُوْفٌ رَّحِیْمٌ ۟ۙ
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහුව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගිය වුන්ට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළ වුන්ට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. ඔවුන් අතරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද පසුව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිත ය; කරුණාවන්ත ය.
Tefsiret në gjuhën arabe:
 
Përkthimi i kuptimeve Surja: Et Tevbe
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - Përkthimi sinhalisht - Qendra "Ruvad et-Terxheme - Përmbajtja e përkthimeve

Përkthyer nga ekipi i Qendrës "Ruvad et-Terxheme" në bashkëpunim me Shoqatën për predikim në Rabva dhe Shoqatën për shërbimin e përmbajtjes islame në gjuhë të ndryshme.

Mbyll