Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht

හූද්

Qëllimet e sures:
تثبيت النبي والمؤمنين بقصص الأنبياء السابقين، وتشديد الوعيد للمكذبين.
පෙර පැමිණි නබිවරුන්ගේ කතා හා බොරුකාරයින්හට වූ දැඩි අවවාද ඉදිරිපත් කිරීම තුළින් නබිවරයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් ශක්තිමත් කිරිම. info

external-link copy
1 : 11

الٓرٰ ۫— كِتٰبٌ اُحْكِمَتْ اٰیٰتُهٗ ثُمَّ فُصِّلَتْ مِنْ لَّدُنْ حَكِیْمٍ خَبِیْرٍ ۟ۙ

(අලිෆ්, ලාම්, රා) සූරාවන්හි පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. අල් කුර්ආනය වනාහි, එය පෙළ ගැස්මෙන් හා අර්ථයෙන් ස්ථාවර කරනු ලැබූ ග්රන්ථයකි. එහි කිසිදු දොසක් හෝ අඩුවක් හෝ නැත. අනතුරුව හලාල් හෙවත් අනුමත දෑ හරාම් හෙවත් තහනම් දෑ, නියමයන්, තහනම් දෑ, ප්රතිඥාවන්, අවවාදයන්, කතා වස්තු හා වෙනත් කරුණු සම්පාදනය කළ මෙන්ම ආගමානුගත කළ මහා ප්රඥාවන්ත, තම ගැත්තන්ගේ සියලු තොරතුරු හා ඔවුනට ගැළපෙන දෑ කුමක්දැ?යි යන්න වග මැනවින් දන්නා අල්ලාහ් වෙතින් පහළ වූවක් බව විස්තර කරනු ලැබ ඇත. info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
•සැබැවින්ම යහපත හා අයහපත, සෙත හා හානිය යන සියල්ල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඒවා වෙනත් කිසිවෙකු සතු නැත. info

• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
•අල් කුර්ආනය හා සුන්නාව පිළිපැඳීම, හිංසා පීඩාවන් මත ඉවසීම හා අල්ලාහ්ගෙන් සහනයක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමේ අනිවාර්යයභාවය. info

• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
•අල් කුර්ආනයේ පාඨ ස්ථීර ඒවාය. එහි කිසිදු අඩුවක් හෝ නිෂ්ඵල දෙයක් හෝ දකින්නට නොමැත. එහි නීති රීති පූර්ණ ලෙස විස්තර කරනු ලැබ ඇත. info

• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
•පතන දෑ ලබා ගන්නටත්, අනතුරු අඟවනු ලැබූ දැයින් මිදෙන්නටත් කළ පාපකම් පිළිබඳ පශ්චාත්තාප වී පාපක්ෂමාව ඇයැද සිටීම සඳහා යුහුසුළුවීමේ අනිවාර්යභාවය. info