Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (186) Surja: El Bekare
وَاِذَا سَاَلَكَ عِبَادِیْ عَنِّیْ فَاِنِّیْ قَرِیْبٌ ؕ— اُجِیْبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْیَسْتَجِیْبُوْا لِیْ وَلْیُؤْمِنُوْا بِیْ لَعَلَّهُمْ یَرْشُدُوْنَ ۟
අහෝ! නබිවරය, මාගේ ගැත්තන් මා වෙත සමීප වීම හා ඔවුන්ගේ ප්රාර්ථනාවන් මා පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන් නුඹගෙන් විමසා සිටින්නේ නම් සැබැවන්ම මම ඔවුනට ඉතා සමීප ව සිටිමි. ඔවුන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ මම මැනවින් දනිමි. ඔවුන්ගේ ප්රාර්ථනාවන් වලට සවන් දෙමි. එහෙයින් ඒ සඳහා කිසිදු මැදිහත්කරුවෙකු ඔවුනට අවශ්ය වන්නේ නැත. ඔවුන්ගේ හඬවල් උස් කිරීමට අවශ්ය වන්නේ ද නැත. ඔවුන්ගේ ප්රාර්ථනාවන්හි අවංක ලෙසින් ඔහු මගෙන් පතන විට එසේ පතන්නන්ගේ පැතුමට මම පිළිතුරු දෙමි. එහෙයින් ඔවුන් මටත් මාගේ නියෝග වලටත් යටත් විය යුතුය. ඔවුන් ඔවුන්ගේ විශ්වාසය තුළ අචල ව සිටිය යුතුය. සැබැවින්ම එය මා විසින් පිළිතුර ලබන්නට එය වඩාත් ප්රයෝජනවත් මාධ්යයකි. එය ඔවුන්ගේ ලෞකික හා මතු ලොව කටයුතු වලදී ඍජු මග ලබන්නට හේතු වනු ඇත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• فَضَّلَ الله شهر رمضان بجعله شهر الصوم وبإنزال القرآن فيه، فهو شهر القرآن؛ ولهذا كان النبي صلى الله عليه وسلم يتدارس القرآن مع جبريل في رمضان، ويجتهد فيه ما لا يجتهد في غيره.
•රමළාන් මාසයේ අල් කුර්ආනය පහළ කිරීම හේතුවෙන් එම මාසය උපවාසයේ මාසය බවට පත් කොට අල්ලාහ් එය ගෞරවයට ලක් කළේය. එය කුර්ආනයේ මාසයයි. එබැවින් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා එම මාසයේ ජිබ්රීල් (අලෛයිහි වසල්ලම්) තුමා සමග අල් කුර්ආනය හැදෑරීය. එහි වෙනත් මාසවල නිරතවනවාට වඩා එතුමා කැප වී කුර්ආනය කියවීමට කටයුතු කළේය.

• شريعة الإسلام قامت في أصولها وفروعها على التيسير ورفع الحرج، فما جعل الله علينا في الدين من حرج.
•ඉස්ලාමීය ෂරීආ ව එහි ඇති මූලිකාංග හා අතිරේක දෑ පහසුවෙන් පිළිපැදිය හැකි අයුරින් පිහිටා ඇත. එමෙන්ම එය වැරදි ඉවත් කරයි. මෙම දහම තුළින් කිසිදු අපහසුතාවක් අපහට අල්ලාහ් තබා නැත.

• قُرْب الله تعالى من عباده، وإحاطته بهم، وعلمه التام بأحوالهم؛ ولهذا فهو يسمع دعاءهم ويجيب سؤالهم.
•තම ගැත්තන් වෙත අල්ලාහ් වඩාත් සමීපය. සිව්දෙසින් ඔහු ඔවුන් ආවරණය කර සිටියි. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ පූර්ණ ලෙස දැන සිටියි. එහෙයින් ඔවුන්ගේ ප්රාර්ථනාවන්හට ඔහු සවන් දෙයි. ඔවුන් පතන දෑට පිළිතුරු සපයයි.

 
Përkthimi i kuptimeve Ajeti: (186) Surja: El Bekare
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll