Përkthimi i kuptimeve të Kuranit Fisnik - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (94) Surja: Suretu El Enam
وَلَقَدْ جِئْتُمُوْنَا فُرَادٰی كَمَا خَلَقْنٰكُمْ اَوَّلَ مَرَّةٍ وَّتَرَكْتُمْ مَّا خَوَّلْنٰكُمْ وَرَآءَ ظُهُوْرِكُمْ ۚ— وَمَا نَرٰی مَعَكُمْ شُفَعَآءَكُمُ الَّذِیْنَ زَعَمْتُمْ اَنَّهُمْ فِیْكُمْ شُرَكٰٓؤُا ؕ— لَقَدْ تَّقَطَّعَ بَیْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَّا كُنْتُمْ تَزْعُمُوْنَ ۟۠
යළි අවදි කරනු ලබන දිනයේ 'අද දින ඔබ අප වෙත පැමිණ ඇත්තේ තනිවමය. ඔබ සමග ධනය හෝ නායකත්වය හෝ නැත. අපි ඔබ ආරම්භක අවදියේ පාවහන් නොමැතිව, කිසිවක් නොමැති ව නිරුවත් ලෙස මැව්වාක් මෙන් ඔබ දැන් සිටින්නෙහිය. අපි ඔබට ලබා දුන් දෑ මෙලොව ඔබෙන් පසු සිටින්නන්හට ඔබ අතහැර දමා පැමිණ ඇත. සැබැවින්ම ඔවුන් ඔබේ තැරැව්කරුවන් යැයි සිතා සිටි ඔබේ දෙවිවරුන් අද ඔබ සමග නොමැත. එමෙන්ම සැබැවින්ම ඔවුන් නැමදුම් කිරීමට සුදුසුකම් ලත් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ඔබ සිතා සිටි අය ද ඔබ සමග නැත. එය අපි දකින්නෙමු. ඔබ අතර ඇති එම සම්බන්ධකම විසන්ධි වී ඇත. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ද, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි ද, ඔබ සිතා සිටි අය ඔබෙන් ඉවතට ගොස් ඇත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• إنزال الكتب على الأنبياء هو سُنَّة الله في المرسلين، والنبي عليه الصلاة والسلام واحد منهم.
•නබිවරුන් වෙත දේව පුස්තක පහළ වීම, දූතවරුන් විෂයයෙහි වූ අල්ලාහ්ගේ පිළිවෙතකි. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාද ඔවුන් අතුරින් කෙනෙකි.

• أعظم الناس كذبًا وفرية هو الذي يكذب على الله تعالى، فينسب أو ينفي ويثبت في حق الله تعالى أمرًا ليس عليه دليل صحيح.
•බොරුවෙන් හා ව්යාජත්වයෙන් මිනිසුන් අතර වඩාත් දරුණුතම අය වනුයේ අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසා, කිසිදු සාධකයක් නැති කරුණක් අල්ලාහ්ගේ කටයුතු වල ස්ථීරකරමින් හෝ නැති කරමින් ඔහුට එය ඈඳා පැවසීමය.

• كل أحد يبعث يوم القيامة فردًا متجردًا عن المناصب والألقاب، فقيرًا، ويحاسب وحده.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම කෙනෙක්ම තනතුරු හා පදවි වලින් ඉවත් කරන ලද දිළිදෙකු සේ තනි ව අවදි කරනු ලැබේ. ඔහු වගකිව යුත්තේ තනිවය.

 
Përkthimi i kuptimeve Ajeti: (94) Surja: Suretu El Enam
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Përmbajtja e përkthimeve

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Mbyll