Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (23) Surja: El A’raf
قَالَا رَبَّنَا ظَلَمْنَاۤ اَنْفُسَنَا ٚ— وَاِنْ لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟
"'අපගේ පරමාධිපතියාණනි! එම ගසින් අනුභව කිරීම අපට ඔබ තහනම් කර තිබියදී එම වරද අප සිදු කිරීම තුළින් අපි අපටම අපරාධ කර ගත්තෙමු. අපගේ පාපකම්වලට ඔබ අපට සමාව නොදුන්නේ නම් ඔබේ දයාවෙන් අපහට ඔබ දයාව නොදැක්වූයේ නම් සැබැවින්ම අපි මෙලොව හා මතුලොව අපට හිමි කොටස් අහිමි කර ගනිමින් අපි අලාභවන්තයින් අතරට පත්වන්නෙමු". යැයි ආදම් හා හව්වා ප්රාර්ථනා කර සිටියහ.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• من أَشْبَهَ آدم بالاعتراف وسؤال المغفرة والندم والإقلاع - إذا صدرت منه الذنوب - اجتباه ربه وهداه. ومن أَشْبَهَ إبليس - إذا صدر منه الذنب بالإصرار والعناد - فإنه لا يزداد من الله إلا بُعْدًا.
කවරෙකු හෝ ආදම් තුමා මෙන් -තමන්ගෙන් යම් වරදක් සිදු වූ විට- තම වරද පිළිගෙන, සමාව අයැද, පසුතැවිලි වී එයින් මිදෙන්නේද, ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගෙන ඔහුට මග පෙන්වනු ඇත. කවරෙකු හෝ ඉබ්ලීස් මෙන් -මුරණ්ඩුකමින් හා දැනුවත්ව යම් වරදක් සිදු කරමින් - කටයුතු කළේ ද සැබැවින්ම එය අල්ලාහ්ගෙන් දුරස් වීම මිස වෙනත් කිසිවක් ඔහුට වැඩි කරන්නේ නැත.

• اللباس نوعان: ظاهري يستر العورةَ، وباطني وهو التقوى الذي يستمر مع العبد، وهو جمال القلب والروح.
ඇඳුම් වර්ග දෙකකි. එකක් මතුපිටින් විළි වසා ගන්නා ඇඳුම. දෙවැන්න ගැත්තා අභ්යන්තරයේ සඟවමින් සිටින බැතිමත්භාවයේ ඇඳුමයි. හදවතේ හා ප්රාණයේ අලංකාරය එයයි.

• كثير من أعوان الشيطان يدعون إلى نزع اللباس الظاهري؛ لتنكشف العورات، فيهون على الناس فعل المنكرات وارتكاب الفواحش.
ෂෙයිතාන්ගේ උදව්කරුවන් බොහෝ දෙනා ඇරයුම් කරන්නේ නිරුවත නිරාවරණය කරන මතුපිට ඇඳුම ගලවා දැමීමටය. පිළිකුල් සහගත ක්රියාවන් සිදු කිරීමටත් අශික්ෂිත පාපකම් සිදු කිරීමටත් ඔවුන් මිනිසුන්ට පහසු කරනු ඇත.

• أن الهداية بفضل الله ومَنِّه، وأن الضلالة بخذلانه للعبد إذا تولَّى -بجهله وظلمه- الشيطانَ، وتسبَّب لنفسه بالضلال.
සැබැවින්ම යහමග යනු අල්ලාහ්ගේ ත්යාගයක් හා ඔහුගේ ආශිර්වාදයකි. සැබැවින්ම මුළාව යනු තම අධමකම හා අපරාධකම හේතුවෙන් ෂෙයිතාන් තම භාරකාරයා බවට පත් කර ගත් විට ගැත්තා වංචනික භාවයට ලක් වීමයි. මුළාවෙන් තම ආත්මයටම දොස් පැවරෙනු ඇත.

 
Përkthimi i kuptimeve Ajeti: (23) Surja: El A’raf
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll