Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) * - மொழிபெயர்ப்பு அட்டவணை

PDF XML CSV Excel API
Please review the Terms and Policies

மொழிபெயர்ப்பு அத்தியாயம்: அந்நூர்   வசனம்:
یُقَلِّبُ اللّٰهُ الَّیْلَ وَالنَّهَارَ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّاُولِی الْاَبْصَارِ ۟
අල්ලාහ් රාත්‍රිය හා දහවල පෙරළයි. නියත වශයෙන් ම දෘෂ්ටීන් ඇත්තන්හට එහි පාඩමක් ඇත.
அரபு விரிவுரைகள்:
وَاللّٰهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّنْ مَّآءٍ ۚ— فَمِنْهُمْ مَّنْ یَّمْشِیْ عَلٰی بَطْنِهٖ ۚ— وَمِنْهُمْ مَّنْ یَّمْشِیْ عَلٰی رِجْلَیْنِ ۚ— وَمِنْهُمْ مَّنْ یَّمْشِیْ عَلٰۤی اَرْبَعٍ ؕ— یَخْلُقُ اللّٰهُ مَا یَشَآءُ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේ ය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
அரபு விரிவுரைகள்:
لَقَدْ اَنْزَلْنَاۤ اٰیٰتٍ مُّبَیِّنٰتٍ ؕ— وَاللّٰهُ یَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
තවද අපි පැහැදිලි වදන් සැබැවින් ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත.
அரபு விரிவுரைகள்:
وَیَقُوْلُوْنَ اٰمَنَّا بِاللّٰهِ وَبِالرَّسُوْلِ وَاَطَعْنَا ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ؕ— وَمَاۤ اُولٰٓىِٕكَ بِالْمُؤْمِنِیْنَ ۟
තවද අපි අල්ලාහ් හා ධර්ම දූතයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේ ය. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.
அரபு விரிவுரைகள்:
وَاِذَا دُعُوْۤا اِلَی اللّٰهِ وَرَسُوْلِهٖ لِیَحْكُمَ بَیْنَهُمْ اِذَا فَرِیْقٌ مِّنْهُمْ مُّعْرِضُوْنَ ۟
තවද අල්ලාහ් වෙත හා ඔහුගේ ධර්ම දූතයා වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නෝ වූහ.
அரபு விரிவுரைகள்:
وَاِنْ یَّكُنْ لَّهُمُ الْحَقُّ یَاْتُوْۤا اِلَیْهِ مُذْعِنِیْنَ ۟ؕ
තවද සත්‍යය ඔවුනට පක්ෂව පිහිටියේ නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.
அரபு விரிவுரைகள்:
اَفِیْ قُلُوْبِهِمْ مَّرَضٌ اَمِ ارْتَابُوْۤا اَمْ یَخَافُوْنَ اَنْ یَّحِیْفَ اللّٰهُ عَلَیْهِمْ وَرَسُوْلُهٗ ؕ— بَلْ اُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟۠
ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝ ද? එසේත් නැතහොත් ඔවුනට එරෙහිව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත් ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහු ම ය.
அரபு விரிவுரைகள்:
اِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِیْنَ اِذَا دُعُوْۤا اِلَی اللّٰهِ وَرَسُوْلِهٖ لِیَحْكُمَ بَیْنَهُمْ اَنْ یَّقُوْلُوْا سَمِعْنَا وَاَطَعْنَا ؕ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
ඔවුන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්න ය. තවද ජය ලබන්නෝ ඔවුහු ම ය.
அரபு விரிவுரைகள்:
وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ وَیَخْشَ اللّٰهَ وَیَتَّقْهِ فَاُولٰٓىِٕكَ هُمُ الْفَآىِٕزُوْنَ ۟
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහු ම ය.
அரபு விரிவுரைகள்:
وَاَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ لَىِٕنْ اَمَرْتَهُمْ لَیَخْرُجُنَّ ؕ— قُلْ لَّا تُقْسِمُوْا ۚ— طَاعَةٌ مَّعْرُوْفَةٌ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
තවද (යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නො කරනු. අවනත වීම ප්‍රකට කරුණකි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත බව (නබිවරය!) නුඹ පවසනු.
அரபு விரிவுரைகள்:
 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அந்நூர்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) - மொழிபெயர்ப்பு அட்டவணை

அர்ருவ்வாத் மொழிபெயர்ப்பு மையத்தின் குழு அல்-ரப்வா அழைப்பு சங்கம் மற்றும் பல் மொழிகளில் இஸ்லாமிய உள்ளடக்கத்திற்கு சேவை செய்யும் சங்கத்துடன் இணைந்து மொழிபெயர்த்துள்ளது.

மூடுக