Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) * - மொழிபெயர்ப்பு அட்டவணை

PDF XML CSV Excel API
Please review the Terms and Policies

மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்புர்கான்   வசனம்:
وَقَالَ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا لَوْلَاۤ اُنْزِلَ عَلَیْنَا الْمَلٰٓىِٕكَةُ اَوْ نَرٰی رَبَّنَا ؕ— لَقَدِ اسْتَكْبَرُوْا فِیْۤ اَنْفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِیْرًا ۟
තවද අපගේ හමුව බලාපොරොත්තු නො වන්නන් අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නො වේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නො වේ ද? යැයි පැවසුවෝ ය. සැබැවින් ම ඔවුන් ඔවුන් විෂයෙහි උඩඟු වූහ. තවද මහත් ලෙස සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
அரபு விரிவுரைகள்:
یَوْمَ یَرَوْنَ الْمَلٰٓىِٕكَةَ لَا بُشْرٰی یَوْمَىِٕذٍ لِّلْمُجْرِمِیْنَ وَیَقُوْلُوْنَ حِجْرًا مَّحْجُوْرًا ۟
මලක්වරුන්ව ඔවුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
அரபு விரிவுரைகள்:
وَقَدِمْنَاۤ اِلٰی مَا عَمِلُوْا مِنْ عَمَلٍ فَجَعَلْنٰهُ هَبَآءً مَّنْثُوْرًا ۟
තවද ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසුව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු.
அரபு விரிவுரைகள்:
اَصْحٰبُ الْجَنَّةِ یَوْمَىِٕذٍ خَیْرٌ مُّسْتَقَرًّا وَّاَحْسَنُ مَقِیْلًا ۟
(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහන) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.
அரபு விரிவுரைகள்:
وَیَوْمَ تَشَقَّقُ السَّمَآءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلٰٓىِٕكَةُ تَنْزِیْلًا ۟
තවද එදින වලාකුළු මඟින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
அரபு விரிவுரைகள்:
اَلْمُلْكُ یَوْمَىِٕذِ ١لْحَقُّ لِلرَّحْمٰنِ ؕ— وَكَانَ یَوْمًا عَلَی الْكٰفِرِیْنَ عَسِیْرًا ۟
එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතු ය. තවද එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දුෂ්කර දිනයක් විය.
அரபு விரிவுரைகள்:
وَیَوْمَ یَعَضُّ الظَّالِمُ عَلٰی یَدَیْهِ یَقُوْلُ یٰلَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُوْلِ سَبِیْلًا ۟
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ! දූතයාණන් සමඟ මා මගක් ගන්නට තිබුණා නො වේ දැ? යි ඔහු පවසයි.
அரபு விரிவுரைகள்:
یٰوَیْلَتٰی لَیْتَنِیْ لَمْ اَتَّخِذْ فُلَانًا خَلِیْلًا ۟
අහෝ මාගේ විනාශය! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නො ගන්නට තිබුණා නො වේ ද?
அரபு விரிவுரைகள்:
لَقَدْ اَضَلَّنِیْ عَنِ الذِّكْرِ بَعْدَ اِذْ جَآءَنِیْ ؕ— وَكَانَ الشَّیْطٰنُ لِلْاِنْسَانِ خَذُوْلًا ۟
මෙනෙහි කිරීම (අල් කුර්ආනය) මා වෙත පැමිණි පසුව සැබැවින් ම ඔහු මා එයින් නොමග යැවී ය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය.
அரபு விரிவுரைகள்:
وَقَالَ الرَّسُوْلُ یٰرَبِّ اِنَّ قَوْمِی اتَّخَذُوْا هٰذَا الْقُرْاٰنَ مَهْجُوْرًا ۟
තවද අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මෙම අල් කුර්ආනය පිටුදකිනු ලබන්නක් ලෙස ගත්තෝය යැයි රසූල්වරයා පැවසී ය.
அரபு விரிவுரைகள்:
وَكَذٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِیٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِیْنَ ؕ— وَكَفٰی بِرَبِّكَ هَادِیًا وَّنَصِیْرًا ۟
තවද එලෙස අපි සෑම නබිවරයෙකුට ම අපරාධකරුවන් අතරින් සතුරෙකු පත් කළෙමු. තවද යහ මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් විය.
அரபு விரிவுரைகள்:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَوْلَا نُزِّلَ عَلَیْهِ الْقُرْاٰنُ جُمْلَةً وَّاحِدَةً ۛۚ— كَذٰلِكَ ۛۚ— لِنُثَبِّتَ بِهٖ فُؤَادَكَ وَرَتَّلْنٰهُ تَرْتِیْلًا ۟
තවද ඔහු වෙත අල් කුර්ආනය එකවර එක ම ගොනුවක් සේ පහළ කළ යුතු නො වේ දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය. (අහෝ මුහම්මද්!) එලෙස අපි එමඟින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිස අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු.
அரபு விரிவுரைகள்:
 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்புர்கான்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) - மொழிபெயர்ப்பு அட்டவணை

அர்ருவ்வாத் மொழிபெயர்ப்பு மையத்தின் குழு அல்-ரப்வா அழைப்பு சங்கம் மற்றும் பல் மொழிகளில் இஸ்லாமிய உள்ளடக்கத்திற்கு சேவை செய்யும் சங்கத்துடன் இணைந்து மொழிபெயர்த்துள்ளது.

மூடுக