Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) * - மொழிபெயர்ப்பு அட்டவணை

PDF XML CSV Excel API
Please review the Terms and Policies

மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்இன்ஷிகாக்   வசனம்:

අල් ඉන්ෂිකාක්

اِذَا السَّمَآءُ انْشَقَّتْ ۟ۙ
අහස පැළී යන විට,
அரபு விரிவுரைகள்:
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ۙ
තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
அரபு விரிவுரைகள்:
وَاِذَا الْاَرْضُ مُدَّتْ ۟ؕ
මහපොළොව සමතලා කරනු ලැබ,
அரபு விரிவுரைகள்:
وَاَلْقَتْ مَا فِیْهَا وَتَخَلَّتْ ۟ۙ
එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
அரபு விரிவுரைகள்:
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ؕ
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
அரபு விரிவுரைகள்:
یٰۤاَیُّهَا الْاِنْسَانُ اِنَّكَ كَادِحٌ اِلٰی رَبِّكَ كَدْحًا فَمُلٰقِیْهِ ۟ۚ
අහෝ මිනිස! නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහුව මුණගැසෙන්නෙහි ය.
அரபு விரிவுரைகள்:
فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ ۟ۙ
තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
அரபு விரிவுரைகள்:
فَسَوْفَ یُحَاسَبُ حِسَابًا یَّسِیْرًا ۟ۙ
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
அரபு விரிவுரைகள்:
وَّیَنْقَلِبُ اِلٰۤی اَهْلِهٖ مَسْرُوْرًا ۟ؕ
තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත්ව හැරී යනු ඇත.
அரபு விரிவுரைகள்:
وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ وَرَآءَ ظَهْرِهٖ ۟ۙ
තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,
அரபு விரிவுரைகள்:
فَسَوْفَ یَدْعُوْا ثُبُوْرًا ۟ۙ
ඔහු විනාශය පතනු ඇත.
அரபு விரிவுரைகள்:
وَّیَصْلٰی سَعِیْرًا ۟ؕ
තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
அரபு விரிவுரைகள்:
اِنَّهٗ كَانَ فِیْۤ اَهْلِهٖ مَسْرُوْرًا ۟ؕ
නියත වශයෙන් ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේ ය.
அரபு விரிவுரைகள்:
اِنَّهٗ ظَنَّ اَنْ لَّنْ یَّحُوْرَ ۟ۚۛ
නියත වශයෙන් ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නො පැමිණෙන්නේ මය යැයි සිතුවේ ය.
அரபு விரிவுரைகள்:
بَلٰۤی ۛۚ— اِنَّ رَبَّهٗ كَانَ بِهٖ بَصِیْرًا ۟ؕ
එසේ නො ව, සැබැවින් ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේ ය.
அரபு விரிவுரைகள்:
فَلَاۤ اُقْسِمُ بِالشَّفَقِ ۟ۙ
තවද ගොම්මන මත ද මම දිවුරමි.
அரபு விரிவுரைகள்:
وَالَّیْلِ وَمَا وَسَقَ ۟ۙ
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
அரபு விரிவுரைகள்:
وَالْقَمَرِ اِذَا اتَّسَقَ ۟ۙ
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
அரபு விரிவுரைகள்:
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ ۟ؕ
සැබැවින් ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහු ම ය.
அரபு விரிவுரைகள்:
فَمَا لَهُمْ لَا یُؤْمِنُوْنَ ۟ۙ
එහෙයින් ඔවුහු විශ්වාස නො කර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
அரபு விரிவுரைகள்:
وَاِذَا قُرِئَ عَلَیْهِمُ الْقُرْاٰنُ لَا یَسْجُدُوْنَ ۟
තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නො කරති.
அரபு விரிவுரைகள்:
بَلِ الَّذِیْنَ كَفَرُوْا یُكَذِّبُوْنَ ۟ؗۖ
එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝ ය.
அரபு விரிவுரைகள்:
وَاللّٰهُ اَعْلَمُ بِمَا یُوْعُوْنَ ۟ؗۖ
තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය.
அரபு விரிவுரைகள்:
فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیْمٍ ۟ۙ
එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
அரபு விரிவுரைகள்:
 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்இன்ஷிகாக்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - சிங்கள மொழிபெயர்ப்பு - மர்கஸ் ருவ்வாதித்தர்ஜமா (மொழிபெயர்ப்பு முன்னோடிகள் நிலையம்) - மொழிபெயர்ப்பு அட்டவணை

அர்ருவ்வாத் மொழிபெயர்ப்பு மையத்தின் குழு அல்-ரப்வா அழைப்பு சங்கம் மற்றும் பல் மொழிகளில் இஸ்லாமிய உள்ளடக்கத்திற்கு சேவை செய்யும் சங்கத்துடன் இணைந்து மொழிபெயர்த்துள்ளது.

மூடுக