Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (10) அத்தியாயம்: அல்அன்கபூத்
وَمِنَ النَّاسِ مَنْ یَّقُوْلُ اٰمَنَّا بِاللّٰهِ فَاِذَاۤ اُوْذِیَ فِی اللّٰهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللّٰهِ ؕ— وَلَىِٕنْ جَآءَ نَصْرٌ مِّنْ رَّبِّكَ لَیَقُوْلُنَّ اِنَّا كُنَّا مَعَكُمْ ؕ— اَوَلَیْسَ اللّٰهُ بِاَعْلَمَ بِمَا فِیْ صُدُوْرِ الْعٰلَمِیْنَ ۟
"සැබැවින්ම අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු." යැයි පවසන්නන් මිනිසුන් අතර සිටිති. ඔවුන්ගේ විශ්වාසයට එරෙහි ව දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට වද හිංසා කළ විට ඔවුන්ගේ දඬුවම අල්ලාහ්ගේ දඬුවම මෙන් සලකා, දේව ප්රතික්ෂේපකයින්ට අනුගත වෙමින් දේව විශ්වාසයෙන් හැරෙති. නුඹේ පරමාධිපතිගෙන් යම් ජයක් නුඹට ලැබුණේ නම් ඔවුහු අහෝ "දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අපි නුඹලා සමග දේව විශ්වාසය මත සිටියෙමු" යැයි පවසති. මිනිසුන්ගේ හදවත් තුළ ඇති දෑ මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද? දේව ප්රතික්ෂේපය හෝ දේව විශ්වාසය හෝ කවර දෙයක් එහි තිබුණ ද එය අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන් ගැන අල්ලාහ් මැනවින් දන්නා ලෙස සිටියදී ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුන් කෙසේ නම් අල්ලාහ්ට දැනුම් දිය හැකිද?"
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الأعمال الصالحة يُكَفِّر الله بها الذنوب.
•දැහැමි ක්රියාවන් මගින් අල්ලාහ් පාපකම් ඉවත් කරයි.

• تأكُّد وجوب البر بالأبوين.
•දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම අනිවාර්යය බව තරයේ පවසයි.

• الإيمان بالله يقتضي الصبر على الأذى في سبيله.
•අල්ලාහ් පිළිබඳ විශ්වාසය, ඔහුගේ මාර්ගයේ අත් විදින දුෂ්කරතා මත ඉවසීම ගෙන දෙනු ඇත.

• من سنَّ سُنَّة سيئة فعليه وزرها ووزر من عمل بها من غير أن ينقص من أوزارهم شيء.
•කවරෙකු අයහපත් ක්රියාවක් සිදු කළේ ද එහි පාපයේ බර ද, එය ඉටු කළ අයගේ පාපයේ බර ද, ඔවුන්ගේ බරින් කිසිදු අඩු කිරීමකින් තොර ව ඔහු මතට පැටවෙනු ඇත.

 
மொழிபெயர்ப்பு வசனம்: (10) அத்தியாயம்: அல்அன்கபூத்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக