Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு அத்தியாயம்: ஸாத்   வசனம்:
قَالَ فَالْحَقُّ ؗ— وَالْحَقَّ اَقُوْلُ ۟ۚ
උත්තරීතර අල්ලාහ්, ‘මෙම සත්ය ප්රකාශය මගෙන් වූවකි. එම සත්යයම මම පවසමි. ඒ හැර වෙනත් දෙයක් නොපවසමි.’ යැයි පැවසීය.
அரபு விரிவுரைகள்:
لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ اَجْمَعِیْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹෙන් හා නුඹේ ප්රතික්ෂේපය තුළ නුඹව අනුගමනය කළ ආදම්ගේ දරුවන් සියලු දෙනාගෙන් නිරය පුරවමි.
அரபு விரிவுரைகள்:
قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ وَّمَاۤ اَنَا مِنَ الْمُتَكَلِّفِیْنَ ۟
අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මා නුඹලාට දැනුම් දෙන උපදෙස් සඳහා කිසිදු කුලියක් නොඉල්ලමි. මට අණ කරනු ලැබූ දෑට අමතර දෙයක් ගෙනැවින් (නුඹලා) අපහසුතාවයට ලක් කරන්නන් අතරින් කෙනෙකු නොවෙමි.
அரபு விரிவுரைகள்:
اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟
අල් කුර්ආනය මිනිසුන් හා ජින්නුන් අතරින් වගකීම් පැවරුණු අයහට මෙනෙහි කිරීමක් මිස නැත.
அரபு விரிவுரைகள்:
وَلَتَعْلَمُنَّ نَبَاَهٗ بَعْدَ حِیْنٍ ۟۠
නුඹලා මරණාසන්න අවස්ථාවේ මෙම කුර්ආනයේ පුවත සත්යය බව සැබවින්ම නුඹලා දැන ගන්නෙහුය.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الداعي إلى الله يحتسب الأجر من عنده، لا يريد من الناس أجرًا على ما يدعوهم إليه من الحق.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා එහි ප්රතිඵල ඔහුගෙන්ම අපේක්ෂා කරනු ඇත. ජනයා සත්යය වෙත ඔහු ඇරයුම් කිරීම සඳහා කිසිදු කුසලක් ඔවුන්ගෙන් ඔහු අපෙක්ෂා නොකරයි.

• التكلّف ليس من الدِّين.
• (අපහසුතාවට ලක් වන තරමට) කරුණු බලෙන් පනවා ගැනීම ආගමික කරුණක් නොවේ.

• التوسل إلى الله يكون بأسمائه وصفاته وبالإيمان وبالعمل الصالح لا غير.
•අල්ලාහ් වෙත සම්බන්ධතා ඇති කරගැනීම, ඔහුගේ නාමයන් තුළින් ඔහුගේ ගුණාංගයන් තුළින් ඔහු ව විශ්වාස කිරීමෙන් හා දැහැමි ක්රියාවන් ක්රියාවට නැංවීම තුළින් සිදු විය යුතු අතර වෙනත් කරුණුවලින් නොවේ.

 
மொழிபெயர்ப்பு அத்தியாயம்: ஸாத்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக