Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்அஃலா   வசனம்:

අල් අඃලා

சூராவின் இலக்குகளில் சில:
تذكير النفس بالحياة الأخروية، وتخليصها من التعلقات الدنيوية.
මිනිසාට මතුලොව ජීවිතය සඳහා බැඳියාවක් ඇති කරලීම හා මෙලොව සම්බන්ධතාවලින් ඉවත් කරලීම පිළිබඳ සිහිපත් කිරීම.

سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَی ۟ۙ
සියලු මැවීම්වලට ඉහළින් සිටින ඔබේ පරමාධිපතිගේ නාමය පමණක් මෙනෙහි කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් ඔහුව සුවිශුද්ධ කරනු.
அரபு விரிவுரைகள்:
الَّذِیْ خَلَقَ فَسَوّٰی ۟
ඔහු නිසිලෙස මිනිසාව මවා මිනිසාගේ පැවැත්ම සමානුපාතිකව සැකසුවේය.
அரபு விரிவுரைகள்:
وَالَّذِیْ قَدَّرَ فَهَدٰی ۟
එමෙන්ම ඔහු සියලු මැවීම්වලට, ඒවායෙහි වර්ග ජාතී ස්වභාවයන් නිර්ණය කළේය. සෑම මැවීමකටම, එයටම ගැලපෙන ස්වාභාවයක් වෙත මඟ පෙන්වීය.
அரபு விரிவுரைகள்:
وَالَّذِیْۤ اَخْرَجَ الْمَرْعٰی ۟
ඔහු ඔබේ ගොවිපල සතුන් බුදින දෑ මහපොළොවෙන් හට ගැන්වීය.
அரபு விரிவுரைகள்:
فَجَعَلَهٗ غُثَآءً اَحْوٰی ۟ؕ
ඒවා සාරවත්ව වැඩුනු පසුව කළු පැහැගැන්වුණු වියළි ඉපැණැලි බවට පත් කළේය.
அரபு விரிவுரைகள்:
سَنُقْرِئُكَ فَلَا تَنْسٰۤی ۟ۙ
අහෝ දූතය! අපි නුඹට අල්-කුර්ආනය මතුවටත් පාරායනය කර පෙන්වන්නෙමු. ඔබ එය අමතක නොකරන අයුරින් ඔබේ හදවත තුළ අපි එය තැන්පත් කරන්නෙමු. එහෙයින් ඔබට අමතක නොවනු වස් ඔබ උනන්දුවෙන් පාරායනය කරනවාක් මෙන් දේව දූත ජිබ්රීල්ගේ පාරායනයේ දී ඔබ ඔහුව ඉක්මවා නොයන්න.
அரபு விரிவுரைகள்:
اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— اِنَّهٗ یَعْلَمُ الْجَهْرَ وَمَا یَخْفٰی ۟ؕ
නමුත් අල්ලාහ්ගේ අභිමතය අනුව යම් යථාර්ථවාදී හේතුවක් සඳහා ඔබට අමතක කරන දෑ හැර. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ඔහු දන්වා සිටින දෑ හා නොදන්වා සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහු වෙතින් සැඟ වී යන්නේ නැත.
அரபு விரிவுரைகள்:
وَنُیَسِّرُكَ لِلْیُسْرٰی ۟ۚۖ
ඔබ ව ස්වර්ගයට ඇතුළත් කරන, අල්ලාහ්ගේ තෘප්තියට භාජනය වන දැහැමි ක්රියාවන් සිදු කිරීමට අපි ඔබට කරුණු පහසු කර දෙන්නෙමු.
அரபு விரிவுரைகள்:
فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰی ۟ؕ
එහෙයින් අල් කුර්ආනයේ අපි ඔබ වෙත දන්වා සිටි දැයින් ඔබ ජනයාට උපදෙස් දෙනු. එම උපදෙස් ඔවුන් තුළ කාවදින තරමට ඔබ අඛණ්ඩව ඔවුනට ඒ පිළිබඳ මතක් කරමින්ම සිටිනු.
அரபு விரிவுரைகள்:
سَیَذَّكَّرُ مَنْ یَّخْشٰی ۟ۙ
අල්ලාහ්ට බියවන්නා ඔබේ උපදෙස් මගින් උපදෙස් ලබනු ඇත. හේතුව ඔහු එම උපදෙසින් ප්රයෝජනය ලබන කෙනෙකු වන බැවිනි.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
මිනිසාගේ යහපත් හා අයහපත් ක්රියාවන් විනිශ්චය කිරීම සඳහා මලක්වරු ඒවා සටහන් කර ගැනීම.

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
•සුවිශුද්ධ අල්ලාහ්ගේ සැලැස්ම ක්රියාත්මක වන විට දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුර්වල වීම.

• خشية الله تبعث على الاتعاظ.
•උපදෙස් ලැබීම සඳහා උනන්දු කරවන අල්ලාහ් පිළිබඳ බිය.

 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்அஃலா
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக