Check out the new design

పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - రువాద్ అనువాద కేంద్రం * - అనువాదాల విషయసూచిక

PDF XML CSV Excel API
Please review the Terms and Policies

భావార్ధాల అనువాదం సూరహ్: అత్-తౌబహ్   వచనం:
وَالَّذِیْنَ اتَّخَذُوْا مَسْجِدًا ضِرَارًا وَّكُفْرًا وَّتَفْرِیْقًا بَیْنَ الْمُؤْمِنِیْنَ وَاِرْصَادًا لِّمَنْ حَارَبَ اللّٰهَ وَرَسُوْلَهٗ مِنْ قَبْلُ ؕ— وَلَیَحْلِفُنَّ اِنْ اَرَدْنَاۤ اِلَّا الْحُسْنٰی ؕ— وَاللّٰهُ یَشْهَدُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
හානි සිදු කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේවත්වය විශ්වාස කරන්නන් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කළවුනට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථානයක් (ඉදි කර) ගත් ඔවුහු "අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නො කළෙමු" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
لَا تَقُمْ فِیْهِ اَبَدًا ؕ— لَمَسْجِدٌ اُسِّسَ عَلَی التَّقْوٰی مِنْ اَوَّلِ یَوْمٍ اَحَقُّ اَنْ تَقُوْمَ فِیْهِ ؕ— فِیْهِ رِجَالٌ یُّحِبُّوْنَ اَنْ یَّتَطَهَّرُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُطَّهِّرِیْنَ ۟
කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නො කරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතුව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන පුද්ගලයින් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
اَفَمَنْ اَسَّسَ بُنْیَانَهٗ عَلٰی تَقْوٰی مِنَ اللّٰهِ وَرِضْوَانٍ خَیْرٌ اَمْ مَّنْ اَسَّسَ بُنْیَانَهٗ عَلٰی شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهٖ فِیْ نَارِ جَهَنَّمَ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟
වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතුව (ඔහුගේ) තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත්, ඒ සමඟ ම නිරා ගින්නට වැටෙන තත්ත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නො පෙන්වයි.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
لَا یَزَالُ بُنْیَانُهُمُ الَّذِیْ بَنَوْا رِیْبَةً فِیْ قُلُوْبِهِمْ اِلَّاۤ اَنْ تَقَطَّعَ قُلُوْبُهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟۠
ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන් ම පවතී. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
اِنَّ اللّٰهَ اشْتَرٰی مِنَ الْمُؤْمِنِیْنَ اَنْفُسَهُمْ وَاَمْوَالَهُمْ بِاَنَّ لَهُمُ الْجَنَّةَ ؕ— یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ فَیَقْتُلُوْنَ وَیُقْتَلُوْنَ ۫— وَعْدًا عَلَیْهِ حَقًّا فِی التَّوْرٰىةِ وَالْاِنْجِیْلِ وَالْقُرْاٰنِ ؕ— وَمَنْ اَوْفٰی بِعَهْدِهٖ مِنَ اللّٰهِ فَاسْتَبْشِرُوْا بِبَیْعِكُمُ الَّذِیْ بَایَعْتُمْ بِهٖ ؕ— وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟
සැබැවින් ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු ඒ වෙනුවට (මිලට) ගත්තේ ය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුහු ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල් කුර්ආනයේ (සඳහන්) තමන් වෙත ම නියම කරගත් ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ්ට වඩා තම ප්‍රතිඥාව වඩාත් පූර්ණවත්ව ඉටු කරන්නේ කවරෙකු ද? නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගිවිස ගත්තෙහු ද නුඹලාගේ එම ගනුදෙනුව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අතිමහත් ජයග්‍රහණය වනුයේ.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
 
భావార్ధాల అనువాదం సూరహ్: అత్-తౌబహ్
సూరాల విషయసూచిక పేజీ నెంబరు
 
పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - రువాద్ అనువాద కేంద్రం - అనువాదాల విషయసూచిక

రువాద్ అనువాద కేంద్రం బృందం రబ్వాలోని దావా అసోసియేషన్ మరియు భాషలలో ఇస్లామిక్ కంటెంట్ సేవల సంఘం సహకారంతో అనువదించింది.

మూసివేయటం