పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - అనువాదాల విషయసూచిక


భావార్ధాల అనువాదం వచనం: (13) సూరహ్: సూరహ్ అల్ హుజురాత్
یٰۤاَیُّهَا النَّاسُ اِنَّا خَلَقْنٰكُمْ مِّنْ ذَكَرٍ وَّاُ وَجَعَلْنٰكُمْ شُعُوْبًا وَّقَبَآىِٕلَ لِتَعَارَفُوْا ؕ— اِنَّ اَكْرَمَكُمْ عِنْدَ اللّٰهِ اَتْقٰىكُمْ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌ خَبِیْرٌ ۟
අහෝ ජනයිනි, සැබැවින් අපි නුඹලාව එක පිරිමකුගෙන් -ඔහු නුඹලාගේ ආදි පියා ආදම්ය, එක මවකගෙන් -ඇය නුඹලාගේ ආදි මව හව්වාය- මැව්වෙමු. නුඹලාගේ පරම්පරාව එකමය. එහෙයින් නුඹලා එකිනෙකා පරම්පරාව ගැන උදම් නොඅනනු. ඉන්පසු අපි නුඹලාව බොහෝ ජන වාර්ගිකයින් හා විසිරී ජීවත් වන ගෝත්ර බවට පත් කළෙමු. එය නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස මිස උදම් අනන්නට නොවේ. ඊට හේතුව එකිනෙකා වෙනස් වනුයේ තක්වා හෙවත් දේව බිය හැඟීම පදනම් කර ගනිමිනි. එහෙයින් ඔහු, “අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියපැතිමත් වූවන්ය” යැයි පැවසීය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. නුඹලා ඔහු සම්බන්ධයෙන් ඉටු කරන පූර්ණවත් හෝ අඩුපාඩු සහිත කටයුත්තක් වුව ද ඒ ගැන තොරතුරු හොදින්ම දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• سوء الظن بأهل الخير معصية، ويجوز الحذر من أهل الشر بسوء الظن بهم.
•දැහැමි ජනයා පිළිබඳ නරක ලෙස අනුමාන කිරීම පාපයකි. ඔවුන් ගැන නරක අනුමාන කරන නපුරු ජනයාගෙන් ප්රවේසම් වීම සුදුසුය.

• وحدة أصل بني البشر تقتضي نبذ التفاخر بالأنساب.
•මිනිසා එකම මූලයකින් පැවත ඒම පරම්පරාවන් පිළිබඳ උදම් ඇනීමෙන් දුරස් කරනු ඇත.

• الإيمان ليس مجرد نطق لا يوافقه اعتقاد، بل هو اعتقاد بالجَنان، وقول باللسان، وعمل بالأركان.
•දේව විශ්වාය ප්රකාශ කළ වහාම ප්රතිපත්තියට එය අනුගත නොවන්නේය. එය හදවතින් පිළිගෙන මුවින් ප්රකාශ කොට ක්රියාදාමයන් තුළින් ක්රියා කිරීමය.

• هداية التوفيق بيد الله وحده وهي فضل منه سبحانه ليست حقًّا لأحد.
•යහමඟ ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ දෑතෙහි ඇත්තකි. එය ශුද්ධවන්තයාණන්ගෙන් වූ භාග්යයකි. එහි උරුමය වෙනත් කිසිවකුට නැත.

 
భావార్ధాల అనువాదం వచనం: (13) సూరహ్: సూరహ్ అల్ హుజురాత్
సూరాల విషయసూచిక పేజీ నెంబరు
 
పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - అనువాదాల విషయసూచిక

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

మూసివేయటం