Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
33 : 12

قَالَ رَبِّ السِّجْنُ اَحَبُّ اِلَیَّ مِمَّا یَدْعُوْنَنِیْۤ اِلَیْهِ ۚ— وَاِلَّا تَصْرِفْ عَنِّیْ كَیْدَهُنَّ اَصْبُ اِلَیْهِنَّ وَاَكُنْ مِّنَ الْجٰهِلِیْنَ ۟

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති වෙත ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! කවර අශිලාචාර ක්රියාවකට ඔවුන් ඇරයුම් කර සිටින්නේ ද එයට වඩා ඔවුන් මට තර්ජනය කරන සිරගෙය මට ප්රිය මනාපය. ඔවුන්ගේ කුමන්ත්රණයෙන් නුඹ මා බැහැර නොකළේ නම් මා ඔවුන් වෙත නැඹුරුවන්නට සිදු වනු ඇත. එසේ මා ඔවුන් වෙත නැඹුරු වී ඔවුන් පතන දෑට මා ඔවුනට යටත් වූයේ නම් මා අඥානයින් අතරට පත් වෙමි." යැයි පැවසීය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• بيان جمال يوسف عليه السلام الذي كان سبب افتتان النساء به.
•කාන්තාවන් අර්බුදයට ලක් වීමට හේතු වූ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාගේ අලංකාරය විග්රහ කිරීම. info

• إيثار يوسف عليه السلام السجن على معصية الله.
•අල්ලාහ්ට පිටුපෑමට වඩා සිරගත වීමට යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා දැක්වූ කැමැත්ත. info

• من تدبير الله ليوسف عليه السلام ولطفه به تعليمه تأويل الرؤى وجعلها سببًا لخروجه من بلاء السجن.
•සිහිනවල පලාපල කීමේ හැකියාව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් හට ඉගැන්වීම, ඔහු සඳහා අල්ලාහ් යෙදූ සැළැස්ම හා ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසක ප්රතිඵලයයි. සිරගත වීමේ අභාග්යයෙන් බැහැර වීමට එය හේතුවක් විය. info