Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

Numero ng Pahina:close

external-link copy
14 : 5

وَمِنَ الَّذِیْنَ قَالُوْۤا اِنَّا نَصٰرٰۤی اَخَذْنَا مِیْثَاقَهُمْ فَنَسُوْا حَظًّا مِّمَّا ذُكِّرُوْا بِهٖ ۪— فَاَغْرَیْنَا بَیْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَآءَ اِلٰی یَوْمِ الْقِیٰمَةِ ؕ— وَسَوْفَ یُنَبِّئُهُمُ اللّٰهُ بِمَا كَانُوْا یَصْنَعُوْنَ ۟

අපි යුදෙව්වන්ගෙන් ඉතා ශක්තිමත් හා ස්ථීර ගිවසුමක් ගත් සේම තමන් පිවිතුරු කර ගත් ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ අනුගාමිකයින්ගෙන්ද ගිවිසුමක් ගත්තෙමු. නමුත් ඔවුහු එහි මෙනෙහි කළ පරිදි නොව, එයින් කොටසක් ක්රියාත්මක කිරීමට අතපසු කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් වාද කිරීම හා දැඩි පිළිකුල ඔවුන් අතරට අපි හෙළුවෙමු. එවිට ඔවුන් එකිනෙකා ප්රතික්ෂේප කර ගනිමින් විරුද්ධවාදීන් හා මරාගන්නන් බවට පත් වූහ. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මතු දැනුම් දෙනු ඇත. ඒ සඳහා වූ ප්රතිවිපාකයද ඔහු පිරිනමනු ඇත. info
التفاسير:

external-link copy
15 : 5

یٰۤاَهْلَ الْكِتٰبِ قَدْ جَآءَكُمْ رَسُوْلُنَا یُبَیِّنُ لَكُمْ كَثِیْرًا مِّمَّا كُنْتُمْ تُخْفُوْنَ مِنَ الْكِتٰبِ وَیَعْفُوْا عَنْ كَثِیْرٍ ؕ۬— قَدْ جَآءَكُمْ مِّنَ اللّٰهِ نُوْرٌ وَّكِتٰبٌ مُّبِیْنٌ ۟ۙ

ආගම් ලත් තව්රාතය හිමි යුදෙව් ජනයිනි! ඉන්ජීලය හිමි කිතුනුවනි! ඔබ වෙත පහළ කරනු ලැබූ පුස්තකයේ ඔබ සඟවමින් සිටි බොහෝ දෑ ඔබට පැහැදිලි කරනු වස් අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ සිටියි. ඔබට නිරාවරණය වූ දෑ හැර එහි යහපතක් නැති දැයින් බොහෝ දෑ ඔහු නොසලකා හරිනු ඇත. අල්ලාහ් වෙතින් වූ කුර්ආන් නම් පුස්තකය ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. එය එළිය ලබා දෙන ආලෝකයකි. මිනිසුන්ගේ මෙලොව හා මතුලොව සියලුම කටයුතු වලදී ඔවුනට අවශ්ය සියලු දෑ විස්තර කරන පුස්තකයකි. info
التفاسير:

external-link copy
16 : 5

یَّهْدِیْ بِهِ اللّٰهُ مَنِ اتَّبَعَ رِضْوَانَهٗ سُبُلَ السَّلٰمِ وَیُخْرِجُهُمْ مِّنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ بِاِذْنِهٖ وَیَهْدِیْهِمْ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟

ඔහු විසින් පිළිගනු ලබන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අනුගමනය කරන්නන්හට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා වන මාර්ගය මෙම පුස්තකය මගින් ඔහු මග පෙන්වයි. එය ස්වර්ගයට ඇතුළත් කරන මාර්ගයයි. එය ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් වලින් පිරුණු අන්ධකාරයෙන්, දේව විශ්වාසය හා ඔහුගේ අනුමැතිය මත අවනත වීම යන ආලෝකය වෙත ඔවුන් බැහැර කරනු ඇත. ඍජු ශක්තිමත් මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද කරයි. එය ඉස්ලාමයේ මාර්ගයයි. info
التفاسير:

external-link copy
17 : 5

لَقَدْ كَفَرَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ هُوَ الْمَسِیْحُ ابْنُ مَرْیَمَ ؕ— قُلْ فَمَنْ یَّمْلِكُ مِنَ اللّٰهِ شَیْـًٔا اِنْ اَرَادَ اَنْ یُّهْلِكَ الْمَسِیْحَ ابْنَ مَرْیَمَ وَاُمَّهٗ وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ؕ— وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ؕ— یَخْلُقُ مَا یَشَآءُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟

සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ් වේ යැයි පවසන කිතුනුවන් දෙවියන් ප්රතික්ෂේප කර ඇත. අහෝ දූතය! ඊසා මසීහ් ව විනාශ කිරීමටත් ඔහුගේ මව විනාශ කිරීමටත් මහපොළොවේ ඇති සියලු දෑ විනාශ කිරීමටත් අල්ලාහ් සිතුවේ නම් ඔහු ව වළක්වන්නට ශක්තිය ඇත්තේ කාහටද? එය වළක්වන්නට කිසිවකු ශක්තිය නොදරන්නේ නම්, එයින් අදහස් කරනුයේ සැබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවයි. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා ඔහුගේ මව හා සෙසු මැවීම් සියල්ල අල්ලාහ්ගේම මැවීම්ය. අහස් හා මහපොළොවේ පාලනය හා ඒ දෙක අතර ඇති දෑ හි පාලනය අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ මවන්නේය. එසේ මැවීමට අභිමත කළ අය අතුරින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ද එක් අයෙකි. එහෙයින් ඔහු ඔහුගේ ගැත්තාය; දූතයාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• تَرْك العمل بمواثيق الله وعهوده قد يوجب وقوع العداوة وإشاعة البغضاء والتنافر والتقاتل بين المخالفين لأمر الله تعالى.
අල්ලාහ්ගේ ප්රතිඥාවන් හා ගිවිසුම් ක්රියාත්මක කිරීම අතහැර දැමීම සතුරුකම් ඇති වීමටත්, ක්රෝධය ව්යාප්ත වී යාමටත්, එකිනෙකා ආරවුල් ඇති කර ගනිමින් අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවන්නන් අතර සටන් කිරීමටත් අනිවාර්යය කරනු ඇත. info

• الرد على النصارى القائلين بأن الله تعالى تجسد في المسيح عليه السلام، وبيان كفرهم وضلال قولهم.
සැබැවින්ම අල්ලාහ් මසායාගේ ශරීරය තුළට ශරීරගත ව සිටින්නේ යැයි ඔවුන් පවසන ප්රකාශයට ප්රතිචාර දැක්වීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය පැහැදිලි කිරීම හා ඔවුන්ගේ ප්රකාශය නොමග වූවක් බව විස්තර කිරීම. info

• من أدلة بطلان ألوهية المسيح أن الله تعالى إن أراد أن يهلك المسيح وأمه عليهما السلام وجميع أهل الأرض فلن يستطيع أحد رده، وهذا يثبت تفرده سبحانه بالأمر وأنه لا إله غيره.
මසායාගේ දේවත්වය ව්යාජ බව පෙන්වා දෙන සාධක අතුරින් එකක් වනුයේ මසායා, ඔහුගේ මව හා පොළෝවාසීන් සියලු දෙනා විනාශ කිරීමට සැබැවින්ම අල්ලාහ් සිතුවේ නම් එය වළක්වන්නට කිසිවකුට හැකියාව නොදැරීමයි. මෙය තම කටයුතු වලදී ඔහුගේ ඒකීය බව හා ඔහු හැර වෙනත් දෙවියකු නොමැති බව තහවුරු කරයි. info

• من أدلة بطلان ألوهية المسيح أن الله تعالى يُذَكِّر بكونه تعالى ﴿ يَخْلُقُ مَا يَشَاءُ﴾ (المائدة: 17)، فهو يخلق من الأبوين، ويخلق من أم بلا أب كعيسى عليه السلام، ويخلق من الجماد كحية موسى عليه السلام، ويخلق من رجل بلا أنثى كحواء من آدم عليهما السلام.
මසායාගේ දේවත්වය ව්යාජ බව පෙන්වන තවත් සාධකයක් වනුයේ සැබැවින් අල්ලාහ් ඔහුගේ පැවැත්ම පිළිබඳ මෙනෙහි කර තිබීමයි. අල් මාඉදා 17 වන පරිච්චේදයේ "ඔහු අභිමත කරන දෑ මවන්නේය" යැයි සඳහන් කර ඇත. එසේ නම් දෙමාපියන්ගෙන් දරුවන් බිහිකරන්නේ ඔහුය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වැනි පියකු නොමැති ව මවකගෙන් මවන්නේද ඔහුය. මූසාගේ සැරයටිය මෙන් භෞතික වස්තුවකින් ජීවී වස්තුවක් මවන්නේද ඔහුය. හව්වා තුමිය ව ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් බිහි කළාක් මෙන් ගැහැනියක් නොමැති ව පිරිමියකුගෙන් ජීවයක් මවන්නේ ද ඔහුය. info