Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûratu Âl-i İmrân   Ayet:
وَلِیُمَحِّصَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَیَمْحَقَ الْكٰفِرِیْنَ ۟
එමෙන් ම විශ්වාස කළවුන්ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්‍රතික්ෂේපකයින්ව විනාශ කරනු පිණිසත් ය.
Arapça tefsirler:
اَمْ حَسِبْتُمْ اَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا یَعْلَمِ اللّٰهُ الَّذِیْنَ جٰهَدُوْا مِنْكُمْ وَیَعْلَمَ الصّٰبِرِیْنَ ۟
(විශ්වාස කළවුනි!) නුඹලා අතරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නො දැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳව ද ඔහු නො දැන, ස්වර්ග උයනට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?
Arapça tefsirler:
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ اَنْ تَلْقَوْهُ ۪— فَقَدْ رَاَیْتُمُوْهُ وَاَنْتُمْ تَنْظُرُوْنَ ۟۠
නුඹලා (වීර) මරණය හමු වීමට පෙර සැබැවින් ම එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය අධීක්ෂණය කරමින් සියැසින් ම දුටුවෙහු ය.
Arapça tefsirler:
وَمَا مُحَمَّدٌ اِلَّا رَسُوْلٌ ۚ— قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ؕ— اَفَاۡىِٕنْ مَّاتَ اَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلٰۤی اَعْقَابِكُمْ ؕ— وَمَنْ یَّنْقَلِبْ عَلٰی عَقِبَیْهِ فَلَنْ یَّضُرَّ اللّٰهَ شَیْـًٔا ؕ— وَسَیَجْزِی اللّٰهُ الشّٰكِرِیْنَ ۟
තවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නො වේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නො කරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්‍රතිඵල පිරිනමනු ඇත.
Arapça tefsirler:
وَمَا كَانَ لِنَفْسٍ اَنْ تَمُوْتَ اِلَّا بِاِذْنِ اللّٰهِ كِتٰبًا مُّؤَجَّلًا ؕ— وَمَنْ یُّرِدْ ثَوَابَ الدُّنْیَا نُؤْتِهٖ مِنْهَا ۚ— وَمَنْ یُّرِدْ ثَوَابَ الْاٰخِرَةِ نُؤْتِهٖ مِنْهَا ؕ— وَسَنَجْزِی الشّٰكِرِیْنَ ۟
නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නො වීය. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
Arapça tefsirler:
وَكَاَیِّنْ مِّنْ نَّبِیٍّ قٰتَلَ ۙ— مَعَهٗ رِبِّیُّوْنَ كَثِیْرٌ ۚ— فَمَا وَهَنُوْا لِمَاۤ اَصَابَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَمَا ضَعُفُوْا وَمَا اسْتَكَانُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الصّٰبِرِیْنَ ۟
නබිවරුන්ගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ එක්ව (සතුරන්ට එරෙහි ව) දැහැමියෝ බොහෝ දෙනෙක් සටන් කර තිබේ ද?. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ඔවුහු අධෛර්ය නො වූහ. තවද ඔවුහු දුර්වල ද නො වූහ. එමෙන් ම (සතුරන්ට) යටහත් ද නො වූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්‍රිය කරයි.
Arapça tefsirler:
وَمَا كَانَ قَوْلَهُمْ اِلَّاۤ اَنْ قَالُوْا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوْبَنَا وَاِسْرَافَنَا فِیْۤ اَمْرِنَا وَثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟
අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම්වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහිව ද අපට උදව් කරනු මැනව! යනුවෙන් පැවසීම මිස ඔවුන්ගේ වෙනත් වදනක් නො වීය.
Arapça tefsirler:
فَاٰتٰىهُمُ اللّٰهُ ثَوَابَ الدُّنْیَا وَحُسْنَ ثَوَابِ الْاٰخِرَةِ ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟۠
එවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමී ය. තවද අල්ලාහ් දැහැමියන්ව ප්‍රිය කරයි.
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûratu Âl-i İmrân
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi - Mealler fihristi

Rowad Tercüme Merkezi Ekibi tarafından Rabvede'ki Tebliğ, İrşat ve Toplum Bilinçlendirme Derneği ve Dünya dillerinde İslami içerik ve hizmet cemiyeti işbirliğiyle tercüme edilmiştir.

Kapat