Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûratu Âl-i İmrân   Ayet:
وَاِذْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ لَتُبَیِّنُنَّهٗ لِلنَّاسِ وَلَا تَكْتُمُوْنَهٗ ؗۗ— فَنَبَذُوْهُ وَرَآءَ ظُهُوْرِهِمْ وَاشْتَرَوْا بِهٖ ثَمَنًا قَلِیْلًا ؕ— فَبِئْسَ مَا یَشْتَرُوْنَ ۟
වේද ග්‍රන්ථය දෙනු ලැබූවන්ගෙන් "නුඹලා ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු. තවද නුඹලා එය වසන් නොකරනු" යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්‍රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය.
Arapça tefsirler:
لَا تَحْسَبَنَّ الَّذِیْنَ یَفْرَحُوْنَ بِمَاۤ اَتَوْا وَّیُحِبُّوْنَ اَنْ یُّحْمَدُوْا بِمَا لَمْ یَفْعَلُوْا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
(නබිවරය!) තමන් ගෙන ආ දෑ පිළිබඳ සතුටු වන අය ගැන හා තමන් නො කළ දෑ පිළිබඳව ප්‍රශංසා කරනු ලැබීම ප්‍රිය කරනවුන් ගැන නුඹ නො සිතනු. එමෙන් ම දඬුවමින් (මිදී) ජයග්‍රහණය ඔවුනට තිබේ යැයි නුඹ නො සිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
Arapça tefsirler:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟۠
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
Arapça tefsirler:
اِنَّ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ لَاٰیٰتٍ لِّاُولِی الْاَلْبَابِ ۟ۚۖ
නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.
Arapça tefsirler:
الَّذِیْنَ یَذْكُرُوْنَ اللّٰهَ قِیٰمًا وَّقُعُوْدًا وَّعَلٰی جُنُوْبِهِمْ وَیَتَفَكَّرُوْنَ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًا ۚ— سُبْحٰنَكَ فَقِنَا عَذَابَ النَّارِ ۟
ඔවුහු වනාහි සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැතිවලට ඇල වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ මෙය නිකරුණේ නො මැව්වෙහි ය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව!
Arapça tefsirler:
رَبَّنَاۤ اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَیْتَهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ කවෙරෙකුව නිරා ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම නුඹ ඔහුව අවමානයට පත් කරන්නෙහි ය. තවද අපරාධ කරුවන්ට උදව් කරුවන් කිසිවෙකු නොමැත.
Arapça tefsirler:
رَبَّنَاۤ اِنَّنَا سَمِعْنَا مُنَادِیًا یُّنَادِیْ لِلْاِیْمَانِ اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا ۖۗ— رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا وَكَفِّرْ عَنَّا سَیِّاٰتِنَا وَتَوَفَّنَا مَعَ الْاَبْرَارِ ۟ۚ
අපගේ පරමාධිපතියාණනි! “නුඹලාගේ පරමාධිපතිව නුඹලා විශ්වාස කරනු” යැයි, දේව විශ්වාසය වෙත කැඳ වන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අපව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!
Arapça tefsirler:
رَبَّنَا وَاٰتِنَا مَا وَعَدْتَّنَا عَلٰی رُسُلِكَ وَلَا تُخْزِنَا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّكَ لَا تُخْلِفُ الْمِیْعَادَ ۟
“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපව දුකට පත් නො කරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නො කරන්නෙහි ය.” (යැයි ප්‍රාර්ථනා කරති.)
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûratu Âl-i İmrân
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Senhaliye Dili Tercüme - Rowad Tercüme Merkezi - Mealler fihristi

Rowad Tercüme Merkezi Ekibi tarafından Rabvede'ki Tebliğ, İrşat ve Toplum Bilinçlendirme Derneği ve Dünya dillerinde İslami içerik ve hizmet cemiyeti işbirliğiyle tercüme edilmiştir.

Kapat