Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى سۈرە: مۇجادەلە   ئايەت:
لَا تَجِدُ قَوْمًا یُّؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ یُوَآدُّوْنَ مَنْ حَآدَّ اللّٰهَ وَرَسُوْلَهٗ وَلَوْ كَانُوْۤا اٰبَآءَهُمْ اَوْ اَبْنَآءَهُمْ اَوْ اِخْوَانَهُمْ اَوْ عَشِیْرَتَهُمْ ؕ— اُولٰٓىِٕكَ كَتَبَ فِیْ قُلُوْبِهِمُ الْاِیْمَانَ وَاَیَّدَهُمْ بِرُوْحٍ مِّنْهُ ؕ— وَیُدْخِلُهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— رَضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ؕ— اُولٰٓىِٕكَ حِزْبُ اللّٰهِ ؕ— اَلَاۤ اِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْمُفْلِحُوْنَ ۟۠
අහෝ දූතය! අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ප්රිය කරන, ඔවුන් සමීප ඇසුරට ගන්නා අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන පිරිසක් නුඹ නොදකිනු ඇත. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ඔවුන්ගේ පියවරුන් වුව ද, ඔවුන්ගේ දරුවන් වුව ද, ඔවුන්ගේ සහෝදරයන් වුව ද, ඊට අදාළ ඔවුන්ගේ සමීප ඥාතීන් වුව ද එසේමය. ඊට හේතුව සැබැවින්ම දේව විශ්වාසය වනාහි, එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් සමග සම්බන්ධකම් පැවැත්වීම වළක්වාලන බැවිණි. එමෙන්ම දේව විශ්වාසයේ සම්බන්ධතාව සෙසු සියලුම සම්බන්ධතාවන්ට වඩා උසස් වන බැවණි. විරුද්ධවන අවස්ථාවේ එයට ප්රමුඛත්වය දිය යුතු වන්නේය. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට සතුරුවූවන් -ඔවුන්ගේ සමීප ඥාතීන් වුවද- මිතුරන් ලෙස නොගත් අය වනාහි, ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දේව විශ්වාසය ස්ථාපිත කළේය. එහෙයින් වෙනසක් සිදු නොවනු ඇත. ඔහුගෙන් වූ පැහැදිළි සාධක හා ආලෝකය මගින් ඔහු ඔවුන් ශක්තිමත් කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් උසස් ඝණයේ උයන්වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එහි ඇති සුවපහසුකම් කිසිවිටක විසන්ධි වන්නේ නැත. ඒවා විනාශ වී යන්නේ ද නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. එය ඉන් පසු කිසිවිටෙක ඔවුන් සමග කෝප නොවන පිළිගැනීමකි. ඔවුනට පිරිනැමූ අහිමි වී නොයන සැප පහසුකම් වෙනුවෙන් ඔවුහු ද ඔහු ව පිළිගත්තෝය. ඔහු ව දැකීම ද ඒ අතරින් එකකි. සඳහන් කරනු ලැබූ දැයින් වර්ණනා කරනු ලැබූ මොවුහු, අල්ලාහ්ගේ නියෝග පිළිපදමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ අල්ලාහ්ගේ සේනාව වන්නේය. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ සේනාව වන ඔවුහුමය මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුනට අත්වන බිහිසුණු දෙයින් මිදීමෙන් හා ඔවුන් අපේක්ෂා කරන දෑ ලබමින් ජයග්රහණය ලැබූවන් වන්නේ.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• المحبة التي لا تجعل المسلم يتبرأ من دين الكافر ويكرهه، فإنها محرمة، أما المحبة الفطرية؛ كمحبة المسلم لقريبه الكافر، فإنها جائزة.
•දේව ප්රතික්ෂේකයාගේ දහමින් නොමිදී, එය පිළිකුල් නොකරන ආදරයක් මුස්ලිම්වරයා ඇති කර නොගනී. එය තහනම් කරන ලද්දකි. නමුත් මුස්ලිම්වරයකු තම සමීපතම මුස්ලිම් නොවන කෙනෙකුට දක්වන සහජ ආදරය සැබැවින්ම එය අනුමතය.

• رابطة الإيمان أوثق الروابط بين أهل الإيمان.
•දේව විශ්වාසයේ බැඳීම් දේව විශ්වාසීන් අතර පවතින බැඳීම් අතරින් වඩාත් බලවත් වන්නේය.

• قد يعلو أهل الباطل حتى يُظن أنهم لن ينهزموا، فتأتي هزيمتهم من حيث لا يتوقعون.
•සැබැවින්ම තමන් පරාජයට පත් නොවන්නේ යැයි සිතන තරමට ව්යාජත්වයේ සිටින්නෝ උදම් අනති. ඔවුන් අපේක්ෂා නොකළ තත්ත්වයේ ඔවුන්ගේ පරාජය ඔවුන් වෙත පැමිණෙනු ඇත.

• من قدر الله في الناس دفع المصائب بوقوع ما دونها من المصائب.
•ව්යසනයන් වැළැක්වීම සඳහා ඊට වඩා සුළු ව්යසනයක් ඇති කිරීම අල්ලාහ්ගේ නියමයකි.

 
مەنالار تەرجىمىسى سۈرە: مۇجادەلە
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش