Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: نحل   آیت:
ثُمَّ یَوْمَ الْقِیٰمَةِ یُخْزِیْهِمْ وَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تُشَآقُّوْنَ فِیْهِمْ ؕ— قَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ اِنَّ الْخِزْیَ الْیَوْمَ وَالسُّوْٓءَ عَلَی الْكٰفِرِیْنَ ۟ۙ
පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි. නියත වශයෙන් ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.
عربی تفاسیر:
الَّذِیْنَ تَتَوَفّٰىهُمُ الْمَلٰٓىِٕكَةُ ظَالِمِیْۤ اَنْفُسِهِمْ ۪— فَاَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِنْ سُوْٓءٍ ؕ— بَلٰۤی اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ඔවුන් වනාහි තමන් විසින් ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන්ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නො කළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
عربی تفاسیر:
فَادْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ— فَلَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟
එහෙයින් නුඹලා නිරයේ දොරටුවලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින් ම නපුරු විය.
عربی تفاسیر:
وَقِیْلَ لِلَّذِیْنَ اتَّقَوْا مَاذَاۤ اَنْزَلَ رَبُّكُمْ ؕ— قَالُوْا خَیْرًا ؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا فِیْ هٰذِهِ الدُّنْیَا حَسَنَةٌ ؕ— وَلَدَارُ الْاٰخِرَةِ خَیْرٌ ؕ— وَلَنِعْمَ دَارُ الْمُتَّقِیْنَ ۟ۙ
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබී ය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන් ම මතු ලොව නිවහන උතුම් ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.
عربی تفاسیر:
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ لَهُمْ فِیْهَا مَا یَشَآءُوْنَ ؕ— كَذٰلِكَ یَجْزِی اللّٰهُ الْمُتَّقِیْنَ ۟ۙ
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
عربی تفاسیر:
الَّذِیْنَ تَتَوَفّٰىهُمُ الْمَلٰٓىِٕكَةُ طَیِّبِیْنَ ۙ— یَقُوْلُوْنَ سَلٰمٌ عَلَیْكُمُ ۙ— ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.
عربی تفاسیر:
هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ تَاْتِیَهُمُ الْمَلٰٓىِٕكَةُ اَوْ یَاْتِیَ اَمْرُ رَبِّكَ ؕ— كَذٰلِكَ فَعَلَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— وَمَا ظَلَمَهُمُ اللّٰهُ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝ ද? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙස ම ය. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය.
عربی تفاسیر:
فَاَصَابَهُمْ سَیِّاٰتُ مَا عَمِلُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: نحل
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ - ترجمے کی لسٹ

مرکز رواد الترجمہ گروپ نے جمعیۃ الدعوۃ‘ ربوہ اور جمعیۃ خدمۃ المحتوى الاسلامی باللغات کے تعاون سے ترجمہ کیا۔

بند کریں