Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: فرقان   آیت:
اَمْ تَحْسَبُ اَنَّ اَكْثَرَهُمْ یَسْمَعُوْنَ اَوْ یَعْقِلُوْنَ ؕ— اِنْ هُمْ اِلَّا كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ سَبِیْلًا ۟۠
නියත වශයෙන් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නො ව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහු ය.
عربی تفاسیر:
اَلَمْ تَرَ اِلٰی رَبِّكَ كَیْفَ مَدَّ الظِّلَّ ۚ— وَلَوْ شَآءَ لَجَعَلَهٗ سَاكِنًا ۚ— ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَیْهِ دَلِیْلًا ۟ۙ
නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැ? යි නුඹ නො බැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසුව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.
عربی تفاسیر:
ثُمَّ قَبَضْنٰهُ اِلَیْنَا قَبْضًا یَّسِیْرًا ۟
පසුව අපි එය (හෙවණැල්ල) හීන් සීරුවෙන් අප වෙත අත්පත් කර ගන්නෙමු.
عربی تفاسیر:
وَهُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِبَاسًا وَّالنَّوْمَ سُبَاتًا وَّجَعَلَ النَّهَارَ نُشُوْرًا ۟
තවද රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහු ය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේ ද ඔහු ය.
عربی تفاسیر:
وَهُوَ الَّذِیْۤ اَرْسَلَ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ۚ— وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً طَهُوْرًا ۟ۙ
තවද ඔහුගේ ආශිර්වාදය අතරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහු ය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
عربی تفاسیر:
لِّنُحْیِ بِهٖ بَلْدَةً مَّیْتًا وَّنُسْقِیَهٗ مِمَّا خَلَقْنَاۤ اَنْعَامًا وَّاَنَاسِیَّ كَثِیْرًا ۟
එමඟින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත් ය.
عربی تفاسیر:
وَلَقَدْ صَرَّفْنٰهُ بَیْنَهُمْ لِیَذَّكَّرُوْا ۖؗ— فَاَبٰۤی اَكْثَرُ النَّاسِ اِلَّا كُفُوْرًا ۟
තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. එහෙත් ජනයා අතරින් බොහෝමයක් දෙනා ගුණමකුවන්නන් මිස නැත.
عربی تفاسیر:
وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِیْ كُلِّ قَرْیَةٍ نَّذِیْرًا ۟ؗۖ
තවද අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකට ම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.
عربی تفاسیر:
فَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَجَاهِدْهُمْ بِهٖ جِهَادًا كَبِیْرًا ۟
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නුඹ අවනත නො වනු. තවද නුඹ ඔවුන් සමඟ එමඟින් දැඩි පරිශ්‍රමයකින් යුතුව උත්සාහ කරනු.
عربی تفاسیر:
وَهُوَ الَّذِیْ مَرَجَ الْبَحْرَیْنِ هٰذَا عَذْبٌ فُرَاتٌ وَّهٰذَا مِلْحٌ اُجَاجٌ ۚ— وَجَعَلَ بَیْنَهُمَا بَرْزَخًا وَّحِجْرًا مَّحْجُوْرًا ۟
තවද මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහු ය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූවක් ලෙස තහනම් සීමාවක් ඔහු ඇති කළේ ය.
عربی تفاسیر:
وَهُوَ الَّذِیْ خَلَقَ مِنَ الْمَآءِ بَشَرًا فَجَعَلَهٗ نَسَبًا وَّصِهْرًا ؕ— وَكَانَ رَبُّكَ قَدِیْرًا ۟
තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහු ය. පසුව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේ ය. තවද නුඹගේ පරමාධිපති සර්ව බලධාරී ය.
عربی تفاسیر:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُهُمْ وَلَا یَضُرُّهُمْ ؕ— وَكَانَ الْكَافِرُ عَلٰی رَبِّهٖ ظَهِیْرًا ۟
තවද ඔවුහු අල්ලාහ් හැර දමා තමන්හට ප්‍රයෝජනයක් ලබා නො දෙන එමෙන් ම තමන්හට හානියක් සිදු නො කරන දෑට නැමදුම් කරති. තවද දේවතත්වය ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහිව උර දෙන්නකු විය.
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: فرقان
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ - ترجمے کی لسٹ

مرکز رواد الترجمہ گروپ نے جمعیۃ الدعوۃ‘ ربوہ اور جمعیۃ خدمۃ المحتوى الاسلامی باللغات کے تعاون سے ترجمہ کیا۔

بند کریں