Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: قصص   آیت:
وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْیَنَ قَالَ عَسٰی رَبِّیْۤ اَنْ یَّهْدِیَنِیْ سَوَآءَ السَّبِیْلِ ۟
තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසී ය.
عربی تفاسیر:
وَلَمَّا وَرَدَ مَآءَ مَدْیَنَ وَجَدَ عَلَیْهِ اُمَّةً مِّنَ النَّاسِ یَسْقُوْنَ ؗ۬— وَوَجَدَ مِنْ دُوْنِهِمُ امْرَاَتَیْنِ تَذُوْدٰنِ ۚ— قَالَ مَا خَطْبُكُمَا ؕ— قَالَتَا لَا نَسْقِیْ حَتّٰی یُصْدِرَ الرِّعَآءُ ٚ— وَاَبُوْنَا شَیْخٌ كَبِیْرٌ ۟
තවද මද්යන්හි ජලාශයක් අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේ ය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේ ය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැ? යි ඔහු විමසී ය. මෙම එඬේරුන් පිටව යන තෙක් අපට ජලය සැපයිය නොහැකි ය. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.
عربی تفاسیر:
فَسَقٰی لَهُمَا ثُمَّ تَوَلّٰۤی اِلَی الظِّلِّ فَقَالَ رَبِّ اِنِّیْ لِمَاۤ اَنْزَلْتَ اِلَیَّ مِنْ خَیْرٍ فَقِیْرٌ ۟
එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසුව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි සැබැවින් ම මම අවශ්‍යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසී ය.
عربی تفاسیر:
فَجَآءَتْهُ اِحْدٰىهُمَا تَمْشِیْ عَلَی اسْتِحْیَآءٍ ؗ— قَالَتْ اِنَّ اَبِیْ یَدْعُوْكَ لِیَجْزِیَكَ اَجْرَ مَا سَقَیْتَ لَنَا ؕ— فَلَمَّا جَآءَهٗ وَقَصَّ عَلَیْهِ الْقَصَصَ ۙ— قَالَ لَا تَخَفْ ۫— نَجَوْتَ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතුව ගමන් කරමින් පැමිණ නියත වශයෙන් ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කරන්නේ යැයි පැවසුවා ය. එවිට ඔහු ඔහුවෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසී ය. ඔබ බිය නො වනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසී ය.
عربی تفاسیر:
قَالَتْ اِحْدٰىهُمَا یٰۤاَبَتِ اسْتَاْجِرْهُ ؗ— اِنَّ خَیْرَ مَنِ اسْتَاْجَرْتَ الْقَوِیُّ الْاَمِیْنُ ۟
මාගේ පියාණනි! ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවා ය.
عربی تفاسیر:
قَالَ اِنِّیْۤ اُرِیْدُ اَنْ اُنْكِحَكَ اِحْدَی ابْنَتَیَّ هٰتَیْنِ عَلٰۤی اَنْ تَاْجُرَنِیْ ثَمٰنِیَ حِجَجٍ ۚ— فَاِنْ اَتْمَمْتَ عَشْرًا فَمِنْ عِنْدِكَ ۚ— وَمَاۤ اُرِیْدُ اَنْ اَشُقَّ عَلَیْكَ ؕ— سَتَجِدُنِیْۤ اِنْ شَآءَ اللّٰهُ مِنَ الصّٰلِحِیْنَ ۟
වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන් ම මම අදහස් කරමි. එහෙත් ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුව ය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්‍රිය නො කරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසී ය.
عربی تفاسیر:
قَالَ ذٰلِكَ بَیْنِیْ وَبَیْنَكَ ؕ— اَیَّمَا الْاَجَلَیْنِ قَضَیْتُ فَلَا عُدْوَانَ عَلَیَّ ؕ— وَاللّٰهُ عَلٰی مَا نَقُوْلُ وَكِیْلٌ ۟۠
එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර (කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු විරුද්ධතාවක් නොමැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු පැවසී ය.
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: قصص
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ - ترجمے کی لسٹ

مرکز رواد الترجمہ گروپ نے جمعیۃ الدعوۃ‘ ربوہ اور جمعیۃ خدمۃ المحتوى الاسلامی باللغات کے تعاون سے ترجمہ کیا۔

بند کریں