Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: آل عمران   آیت:
لَنْ تَنَالُوا الْبِرَّ حَتّٰی تُنْفِقُوْا مِمَّا تُحِبُّوْنَ ؕ۬— وَمَا تُنْفِقُوْا مِنْ شَیْءٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِیْمٌ ۟
නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නො ලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය.
عربی تفاسیر:
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِّبَنِیْۤ اِسْرَآءِیْلَ اِلَّا مَا حَرَّمَ اِسْرَآءِیْلُ عَلٰی نَفْسِهٖ مِنْ قَبْلِ اَنْ تُنَزَّلَ التَّوْرٰىةُ ؕ— قُلْ فَاْتُوْا بِالتَّوْرٰىةِ فَاتْلُوْهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
‘තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර සෙසු ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමතව තිබිණ’ යැයි (නබිවරය!) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.
عربی تفاسیر:
فَمَنِ افْتَرٰی عَلَی اللّٰهِ الْكَذِبَ مِنْ بَعْدِ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟ؔ
එබැවින් කවරෙක් එයට පසුව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.
عربی تفاسیر:
قُلْ صَدَقَ اللّٰهُ ۫— فَاتَّبِعُوْا مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
(නබිවරය!) නුඹ පවසනු. ‘අල්ලාහ් සත්‍ය පැවසුවේ ය. එබැවින් නුඹලා අවංක ලෙසින් ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය.’
عربی تفاسیر:
اِنَّ اَوَّلَ بَیْتٍ وُّضِعَ لِلنَّاسِ لَلَّذِیْ بِبَكَّةَ مُبٰرَكًا وَّهُدًی لِّلْعٰلَمِیْنَ ۟ۚ
ලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්‍යක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය බක්කා (හෙවත් මක්කා) වෙහි පිහිටා ඇත.
عربی تفاسیر:
فِیْهِ اٰیٰتٌۢ بَیِّنٰتٌ مَّقَامُ اِبْرٰهِیْمَ ۚ۬— وَمَنْ دَخَلَهٗ كَانَ اٰمِنًا ؕ— وَلِلّٰهِ عَلَی النَّاسِ حِجُّ الْبَیْتِ مَنِ اسْتَطَاعَ اِلَیْهِ سَبِیْلًا ؕ— وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِیٌّ عَنِ الْعٰلَمِیْنَ ۟
එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහිම් සිට ගත් ස්ථානය ද ඇත. තවද කවරෙකු එයට ප්‍රවේශ වූයේ ද ඔහු සුරක්ෂිතයකු වෙයි. තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය.
عربی تفاسیر:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ ۖۗ— وَاللّٰهُ شَهِیْدٌ عَلٰی مَا تَعْمَلُوْنَ ۟
අහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ සඳහා සාක්ෂිකරු ය.
عربی تفاسیر:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ مَنْ اٰمَنَ تَبْغُوْنَهَا عِوَجًا وَّاَنْتُمْ شُهَدَآءُ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන්ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන්ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන් දැ? යි (නබිවරය!) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ.
عربی تفاسیر:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تُطِیْعُوْا فَرِیْقًا مِّنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ یَرُدُّوْكُمْ بَعْدَ اِیْمَانِكُمْ كٰفِرِیْنَ ۟
අහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසුව නුඹලාව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: آل عمران
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ - ترجمے کی لسٹ

مرکز رواد الترجمہ گروپ نے جمعیۃ الدعوۃ‘ ربوہ اور جمعیۃ خدمۃ المحتوى الاسلامی باللغات کے تعاون سے ترجمہ کیا۔

بند کریں