Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: روم   آیت:
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلُ ؕ— كَانَ اَكْثَرُهُمْ مُّشْرِكِیْنَ ۟
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربی تفاسیر:
فَاَقِمْ وَجْهَكَ لِلدِّیْنِ الْقَیِّمِ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَ یَوْمٌ لَّا مَرَدَّ لَهٗ مِنَ اللّٰهِ یَوْمَىِٕذٍ یَّصَّدَّعُوْنَ ۟
එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන්ව විසිර යති.
عربی تفاسیر:
مَنْ كَفَرَ فَعَلَیْهِ كُفْرُهٗ ۚ— وَمَنْ عَمِلَ صَالِحًا فَلِاَنْفُسِهِمْ یَمْهَدُوْنَ ۟ۙ
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට ම එරෙහිව ය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන් ම ඔවුහු සැලසුම් කර ගනිති.
عربی تفاسیر:
لِیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصَّلِحٰتِ مِنْ فَضْلِهٖ ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْكٰفِرِیْنَ ۟
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නො කරයි.
عربی تفاسیر:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ یُّرْسِلَ الرِّیٰحَ مُبَشِّرٰتٍ وَّلِیُذِیْقَكُمْ مِّنْ رَّحْمَتِهٖ وَلِتَجْرِیَ الْفُلْكُ بِاَمْرِهٖ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන් ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි.
عربی تفاسیر:
وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا اِلٰى قَوْمِهِمْ فَجَآءُوْهُمْ بِالْبَیِّنٰتِ فَانْتَقَمْنَا مِنَ الَّذِیْنَ اَجْرَمُوْا ؕ— وَكَانَ حَقًّا عَلَیْنَا نَصْرُ الْمُؤْمِنِیْنَ ۟
තවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින් ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. පසුව (එය ඔවුහු නො පිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.
عربی تفاسیر:
اَللّٰهُ الَّذِیْ یُرْسِلُ الرِّیٰحَ فَتُثِیْرُ سَحَابًا فَیَبْسُطُهٗ فِی السَّمَآءِ كَیْفَ یَشَآءُ وَیَجْعَلُهٗ كِسَفًا فَتَرَی الْوَدْقَ یَخْرُجُ مِنْ خِلٰلِهٖ ۚ— فَاِذَاۤ اَصَابَ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖۤ اِذَا هُمْ یَسْتَبْشِرُوْنَ ۟
සුළඟ එවනුයේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එසේ එය ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.
عربی تفاسیر:
وَاِنْ كَانُوْا مِنْ قَبْلِ اَنْ یُّنَزَّلَ عَلَیْهِمْ مِّنْ قَبْلِهٖ لَمُبْلِسِیْنَ ۟
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.
عربی تفاسیر:
فَانْظُرْ اِلٰۤی اٰثٰرِ رَحْمَتِ اللّٰهِ كَیْفَ یُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— اِنَّ ذٰلِكَ لَمُحْیِ الْمَوْتٰى ۚ— وَهُوَ عَلٰى كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසුව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන් ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නා ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: روم
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ - ترجمے کی لسٹ

مرکز رواد الترجمہ گروپ نے جمعیۃ الدعوۃ‘ ربوہ اور جمعیۃ خدمۃ المحتوى الاسلامی باللغات کے تعاون سے ترجمہ کیا۔

بند کریں