Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: صف   آیت:
وَاِذْ قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اِنِّیْ رَسُوْلُ اللّٰهِ اِلَیْكُمْ مُّصَدِّقًا لِّمَا بَیْنَ یَدَیَّ مِنَ التَّوْرٰىةِ وَمُبَشِّرًا بِرَسُوْلٍ یَّاْتِیْ مِنْ بَعْدِی اسْمُهٗۤ اَحْمَدُ ؕ— فَلَمَّا جَآءَهُمْ بِالْبَیِّنٰتِ قَالُوْا هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟
තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසුව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථාව සිහියට නගනු. එහෙත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසුවෝ ය.
عربی تفاسیر:
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ الْكَذِبَ وَهُوَ یُدْعٰۤی اِلَی الْاِسْلَامِ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۚ
තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
عربی تفاسیر:
یُرِیْدُوْنَ لِیُطْفِـُٔوْا نُوْرَ اللّٰهِ بِاَفْوَاهِهِمْ ؕ— وَاللّٰهُ مُتِمُّ نُوْرِهٖ وَلَوْ كَرِهَ الْكٰفِرُوْنَ ۟
අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම ආලෝකය පූර්ණවත් කරන්නා ය.
عربی تفاسیر:
هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ۙ— وَلَوْ كَرِهَ الْمُشْرِكُوْنَ ۟۠
දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමඟ එය සියලු දහම්වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහු ය.
عربی تفاسیر:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا هَلْ اَدُلُّكُمْ عَلٰی تِجَارَةٍ تُنْجِیْكُمْ مِّنْ عَذَابٍ اَلِیْمٍ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලාව ආරක්ෂා කරන ව්‍යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?
عربی تفاسیر:
تُؤْمِنُوْنَ بِاللّٰهِ وَرَسُوْلِهٖ وَتُجَاهِدُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ بِاَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟ۙ
(එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කිරීම ය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැප කිරීම ය. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය.
عربی تفاسیر:
یَغْفِرْ لَكُمْ ذُنُوْبَكُمْ وَیُدْخِلْكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ وَمَسٰكِنَ طَیِّبَةً فِیْ جَنّٰتِ عَدْنٍ ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟ۙ
නුඹලාගේ පාපයන්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද ඔහු නුඹලා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරයි. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. (අද්න් නම්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
عربی تفاسیر:
وَاُخْرٰی تُحِبُّوْنَهَا ؕ— نَصْرٌ مِّنَ اللّٰهِ وَفَتْحٌ قَرِیْبٌ ؕ— وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
තවද නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ද ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු.
عربی تفاسیر:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْۤا اَنْصَارَ اللّٰهِ كَمَا قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ لِلْحَوَارِیّٖنَ مَنْ اَنْصَارِیْۤ اِلَی اللّٰهِ ؕ— قَالَ الْحَوَارِیُّوْنَ نَحْنُ اَنْصَارُ اللّٰهِ فَاٰمَنَتْ طَّآىِٕفَةٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ وَكَفَرَتْ طَّآىِٕفَةٌ ۚ— فَاَیَّدْنَا الَّذِیْنَ اٰمَنُوْا عَلٰی عَدُوِّهِمْ فَاَصْبَحُوْا ظٰهِرِیْنَ ۟۠
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මර්යම්ගේ පුත් ඊසා (තම) ගෝලයින්ගෙන් “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි විමසූ කල්හි “අපි අල්ලාහ්ගේ උදව්කරුවෝ වෙමු” යැයි ගෝලයෝ පැවසූහ. එලෙස නුඹලා ද අල්ලාහ්ගේ උදව්කරුවන් වනු. ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. පසුව ඔවුහු ජයග්‍රාහකයින් බවට පත් වූවෝය.
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: صف
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - سنہالی ترجمہ - مرکز رواد الترجمہ - ترجمے کی لسٹ

مرکز رواد الترجمہ گروپ نے جمعیۃ الدعوۃ‘ ربوہ اور جمعیۃ خدمۃ المحتوى الاسلامی باللغات کے تعاون سے ترجمہ کیا۔

بند کریں