Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (14) سورت: نحل
وَهُوَ الَّذِیْ سَخَّرَ الْبَحْرَ لِتَاْكُلُوْا مِنْهُ لَحْمًا طَرِیًّا وَّتَسْتَخْرِجُوْا مِنْهُ حِلْیَةً تَلْبَسُوْنَهَا ۚ— وَتَرَی الْفُلْكَ مَوَاخِرَ فِیْهِ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
තවද සාගරය ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එහි යාත්රා කිරීමටත් එහි ඇති දෑ මතු කර ගැනීමටත් ඔහු නුඹලාට ඉඩ සලසා දී ඇත. එය නුඹලා මසුන් අල්ලා, නැවුම් මත්ස ආහාර භුක්ති විඳිනු පිණිසත්, මුතු මෙන් නුඹලාගේ කාන්තාවන් අඳින පළඳින අලංකාර දෑ නුඹලා මතු කර ගනු පිණිසත්ය. මුහුද දෙබෑ කරමින් යාත්රා කරන නැව් දැකිය හැක. අල්ලාහ්ගේ භාග්යයයෙන් ව්යාපාරයෙන් ලැබෙන ලාභය සොයා නුඹලා එම නැව්වල යාත්රා කරන්නෙහුය. එය නුඹලා වෙනුවෙන් කවර දායාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ වෙනුවෙන් නුඹලා ඔහුට කෘතඥ වනු පිණිසත් ඔහුට පමණක් නුඹලා නැමදුම් කිරීම පිණිසත්ය.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• من عظمة الله أنه يخلق ما لا يعلمه جميع البشر في كل حين يريد سبحانه.
•අල්ලාහ් අභිමත කරන සෑම අවස්ථාවකම සියලු මිනිසුන් නොදන්නා දෑ මැවීම ඔහුගේ බලමහිමයෙනි.

• خلق الله النجوم لزينة السماء، والهداية في ظلمات البر والبحر، ومعرفة الأوقات وحساب الأزمنة.
•අල්ලාහ් තාරකා මවා ඇත්තේ අහසේ අලංකාරය, ගොඩබිමේ හා සාගර අඳුරේ මගීන් මග සොයා ගැනීම, වේලාවන් හා කාලවල ගණනය දැන ගැනීම පිණිසය.

• الثناء والشكر على الله الذي أنعم علينا بما يصلح حياتنا ويعيننا على أفضل معيشة.
•අල්ලාහ් අප වෙත ලබා දුන් ආශිර්වාද සඳහා ඔහුට ප්රශංසා කිරීම කෘතඥවීම අපගේ ජීවිත විධිමත් වීමටත් ඔහු අපට උසස් ජීවිතයක් වෙනුවෙන් උපකාර කිරීමටත් හේතු වන්නේය.

• الله سبحانه أنعم علينا بتسخير البحر لتناول اللحوم (الأسماك)، واستخراج اللؤلؤ والمرجان، وللركوب، والتجارة، وغير ذلك من المصالح والمنافع.
•මත්සයින් අනුභව කිරීම, මුතු හා පබළු ගොඩ ගැනීම, යාත්රා කිරීම, ව්යාපාර කටයුතුවල නිරත වීම සහ වෙනත් අවශ්යතා සහ ප්රතිලාභ සඳහා අපහට සාගරය වසඟ කර දීමෙන් අල්ලාහ් ආශිර්වාද කර ඇත.

 
معانی کا ترجمہ آیت: (14) سورت: نحل
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ - ترجمے کی لسٹ

مرکز تفسیر للدراسات القرآنیۃ سے شائع ہوا ہے۔

بند کریں